වර්ණ අහිමි සිතුවම....



පාට සේරම දිය වෙලා දැන්
එකම පාටක් ඉහිරිලා
කඳුලු සේරම වියලිලා දැන්
පාට එක්කම දිය වෙලා

විසිරිලා කෙඳි පින්සලෙත් දැන්
පාට තවරා ඇති වෙලා
ඒත් තවමත් වෙහෙසිලා මං
තවම සිතුවම් අඳිනවා

වර්න නෑ මට තවත් ගලපන්
අඳින සිතුවම සරසලා
අඳුරු පාටින් ගොතන්නම් මං
තවත් සිතුවම් ගලපලා

අඳුරු පසුබිම් ගෙනෙන ගැරහුම්
හදත් එක්කලා විඳවලා
සරසලා මගේ අතින් සිතුවම්
අඳුරු පාටින් හැඩකලා

තවත් ඉඩ නෑ අඳින සිතුවම්
කැඩුනු පින්සල කෙඳි හලා
විසි කලා මං මගේ පින්සල
තවත් නෑ මගේ හිත තලා

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව