අභිසාරිකාව...



වීදි පහන් යට
ඇඟ විකුනන් කන
වීදි ගනිකාවක්
නොවෙමි මම තව
තනිකමේ රහ නුඹ නොදන්න
විදිමි මම හැමදාම තනියම
දරන්නට බෑ හිතේ වියවුල්
සොයමි සරනක් නතර වෙන්නට
ගතක පහසට ලොල්ව නොදුවන
හිතක පහසක් සොයා විඳවන
නුඹට නොපෙනෙන ප්රශ්න කන්දක්
හිතේ තද කර තනිව විඳවන
සෙනෙහසක හිඟමන් සොයා
දුවනා හිත අසරනයි
ගනිකාවටත් වඩා....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව