යදම් බැඳ....



අතින්ගෙන යදම් බැඳ
මුගුරු ගෙන තලාලා
නුඹට උගේ පෙමක් නැත
හිමිකමක් ලියාලා
වැටෙන කඳුලැලි
රතින් රුධිරයට ගලාලා
දිය උනා මගේ පෙම
නුඹම ගැන සිතාලා
කවි ලියා හුඟක් කල්
පද පේලි ගලපලා
මතකවත් නෑ තවත්
ලියූ හැටි ගොතාලා
පැන්සලෙන් හැමතැනම
ලියූ කවි සිතාලා
මැකීලා සදහටම
ලියූ තැන් ඉරාලා
වැනසුවා මාලිගා මං
තැනූ නුඹ හට පුදාලා
තලා වනසා විසිකරන් මගේ
හදත් සදහට මරාලා.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව