මධු සමය...



නවාතැන නුඹ හිතම නැවතුන
කටු මැටිය ගෑ ගෙබිම පිරි මැද
නහය කිඳලා නැගෙන පුසුඹට
තවත් මගේ හද මක් කරාවිද

අතර පතරින් කොල හෙවිලි කල
සිදුරු අතරින් අහස හිනැහෙන
ලනු ඇඳේ මා සතපවන්නට
ඉන්න උනුහුම අරන් මං ලඟ

අඳුර අතරින් දසන් විදහන
නුඹේ සුසුමන් වදින දෙසවන
හීන් සීරුවේ හිතේ හැටි තව
සොයා රස තැන් දුවන අරුමය

හීන් කෙඳිරිලි හඬින් නුඹේ තව
අපේ හදවත් ගැහෙන රාවය
වැටෙන දා බිඳු සොඳුරු රසයක
ගෙනේවී අප අපේ ලෝකෙට...

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව