පොද වැස්ස....



චිරි චිරියේ පොද වැස්ස
තාමත් වැටෙනවා ඉතින්
මහපොලොව තෙමී නොතෙමී
වැටෙන පොද වැස්ස දිහා මං
ජනේලය ලඟට වී
බලා ඉන්නම් ඉතින්
මහ පොලව තෙමෙනකල්
පොද වැස්ස වැටිලා
ගහකොලද හෙමි හෙමිහිට
පොද වැස්සට තෙමිලා
වර්නවත් වෙලා තව
නැවුම් පාටක් වෙලා
තෙමුන පොකිච්චෙකුත්
මහ හඬින් බනිනවා
වැටුනු පොද වැස්සට
තෙමුන අඬනවා
සිඳී ගිය දිය පාර
තවම අද එහෙමමයි
පොද වැස්ස මදි ඊට
පිරෙන්නට නම් ඉතින්
හෙමි හෙමින් නතර වුනු
චිරි චිරිය අහවරයි
ආයෙමත් දවසක
හෙමි හෙමින් ඇද වැටෙයි.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව