මගේ හිත් පොඩිය....



ඉඟි පාන හිත් පොඩිය
තවම තනිකම විඳින
ඉඟි පාන කුරුල්ලෝ
තව දුරින් පියාඹන්න
උඹ එක්ක පියාඹන්න
තවම තටු නෑ නේ මට
ආවොතින් තටු දිනක
මටත් හැකි පියාඹන්න
එතෙක් සැනසෙනම්
මේ ලෙසම ටික කලක්
තටු ආව දාක මං
පියඹනවා අහසටම
කාටවත් අල්ලන්න
බැරි තරම් ලොකු දුරක
හිතුනොතින් එකතුවෙනවා
කුරුල්ලන් රංචුවකට
උනුන් හා පියඹනවා
උන් යනෙන ලෝකෙකට
හිතුනොතින් තනිවෙනවා
වලාකුලු අස්සකට
කවුරුවත් යන නො එන
අහසේ අඳුරුම තැනක.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව