හීන ලෝකය....



අහසේ මාලිගා බඳිමින් මගේ හිත
හීන ලෝකයක
අතරමං කරන අහංකාර හිත
ඉවක් බවක් නොබලා දුවනා හිත
මාව අත් ඇරලා පලයන් මගේ හිත
දුවලා හති වැටිලා නුඹ මගේ හිත
ඒත් තව දුවයි මගේ හිත
කවදා කොතැනක නවතීදෝ හිත

සසර කෙලවරට දුවපන් මගේ හිත
කෙසුත් මුඩු කරන් ගිහිගෙයි නික්මී
කසාවතක් පොරවන්නට සිත්වී
සියලු සැපත් අතහැර මං පේවී
බඳිමි සිත බුදු සසුන වෙත මං පැහැදී
සිත එකලස් කර සමාධියකට වැදී
මෙනෙහි කරමි නැසෙනා බව
නුඹද මමදෝ කියලා තව
කිසිත් නැතිව ඇති බව වටහාගමි

නුඹෙන් උගත් පාඩම් සමගින්
අරඹමි කෙලවර සොයලා දිවියෙහි
හිතත් එක්ක බැඳිලා මුලු දිවියම
මහා මුලාවක වැටෙනා අන්දම
පසක් කරගනිමි මගේ ඇස් ඉදිර්යේ
අස්තිර ලොකේ මතුයම් දවසක....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව