ඉන්නවා මම මං ලෙසින් ....



පෙරුම් පුරලා හීන දැකලා
නුඹව දැකලා හුඟක් කල්
අතින් අල්ලා නැතිව ඇති මං
ඔබ මලක් මගේ හිතේ නම්
දිනක් ලැබුනා ඔබව දුටුවා
හදේ මගේ මල් ගොඩක් නම්
පිපිලා දිලුනා ඔබේ තුරුලම
සුවඳ වන්නට මගෙයි දැන් ඔබ
මගේ නම්....
සිම්ඹ තොල් පෙති නුඹට නොදැනුන
මගේ හීනෙත් බොඳ උනා
ඇයිද නොදනිමි වේදනයි හද
නුඹට නොදැනෙන ලෙස විනා
තුරුල මෙමටත් පහස නුඹටත්
හදේ රාගිනි ගිනි තියා
මටත් නොදැනිම කඳුලු වැටුනා
නුඹට නොදැනුන මගේ පෙම්
සිහිනේ බොඳ වෙද බයක් දැනුනා
නොනිමි ගමනක බයක් මෙන් ....
තවම මගේ හිත නුඹම වෙනුවෙන්
හිතනවා පෙරදාක මෙන්
ඒත් නොදනිමි කුමක් සිදුවෙද
අනාගතයේ දිනක ඉන්
සිම්බ තොල් පෙති කතාවක් මට කීවා
අපි ගැන දන් ඉතින්
හදා ගමි හිත ඕනෑ දේකට
ඉන්නවා මං ලෙසින් ....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව