සොඳුරු සිනහව....



සොඳුරු සිනහව පියකරුයි නුඹේ
දෑස් නුඹ ලඟ නවතිනා
සොඳුරු වත නුඹේ පියකරුයි මට
සදා ඉන්නම් එනතුරා

ලඟින් ඉන්නම් හීන හන්ගන්
මගේ හිතේ තව නලියනා
නුඹත් ඔතනම නැවතිලා ඉන්
බැඳුනු මිතුදම වෙනුවෙන

පාන ඉඟි නුඹේ හදේ ඇති දේ කියන්නේ
ඒත් හිත මගේ දෙගිඩියාවෙන් තවම ගැන සැලෙන්නේ
හදේ ඇති ඉඩ නුඹම වෙනුවෙන් තවම මම මඟ බලන්නේ
හිඳින්නම් මං එනතුරා නුඹ මගේ හිත තව කියන්නේ

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව