මගේ මතක...



අහම්බෙන් මගේ මතක අතරට
නුඹේ මුහුනත් හිනැහුනා
සොයා සිනහව නුඹේ මුව මත
මුහුනු පොත මං පීරුවා
සොයන්නට නෑ ඉඩක් මට තව
නුඹම මගේ මග අවුරලා
මක් කරන්නද දුටුව නුඹ මම
පෙරදිනකමෙන් සිහිකලා
අහිංසක නුඹේ හිනාවත් තව
මුවග දිලිසී හිනැහෙනා
දුටුව මම පෙරදාක නුඹේ හද
මුහුනුපොත මම පෙරලනා
නැඟුන මදහස හිත යටින් මගේ
තවම හිත යට විසිරෙනා
එදා නුඹමයි තවම ඉන්නේ
තවම මගේ හිත කියන්නා
ඉමක් නැති මේ ගමන අපි හැම
දුවනවා හති වැටෙනවා
ආයෙ දවසක මුනගැහෙයි අප
කොහේ හෝ මිනිසුන් වෙලා...

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව