හත්පෙති මල....



පාට හතින් පෙති හතකින්
හත්පෙති මල මං ගාවින්
එක පෙත්තක් ගලවලා මම
උතුරු දිගින් දකුනු දිගින්
මුහුද මැදින් දෙබෑ කරන්
උඹ මා වෙත ගෙනත් දියන්
තව පෙත්තක් ගලවලා මං
ඉන්නට පොඩි නවාතනක්
ඉලන්නම් තව
උබයි මායි තව මොකටද
පෙති පහකින් මක් කරන්න
එප තවත් පෙති කඩන්න
හට් පෙත් මල මල් බඳුනක
තියා තියමු මේසේ උඩින්
කවදා හරි දවසක
ඕනි උනොත් පෙති ගලවමු
අපේ හීන හැබෑවෙන්න
හත්පෙති මල අප රකින්න....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව