සමාවෙනු මැන...



නිහඬවම තුරුලුකට
තහනම් වූ සෙවනකට
පියමැන්න හිත තවම
නුඹ ලඟම නතර වුන
අසරන වෙලා හිතම
පෙම් බැඳ තුරුල ලඟ
පෙම් බැන්ද හිත ටිකක්
අමතක වුනා මටම
වසන්තය අරන්
නුඹ මගේ හිමි සඳම
මුලු හිතම උඹ ගැනම
සිහින දුටු යාමයක
හිටිගමන් කුනාටුවක්
හිත මැදින් ගිය කලෙක
මාත් අතරමං උනා
පහසලම ලොල් බැඳම
තුරුලුටම ගිය සඳ
පහස අමතක උනා
මොහොතකට මගේ හිතට
අසරනම හීනයක් හැබෑ වූ
මොහොතකම මට නුඹව අමතක වෙලා
ගියා මොහොතකට
වරද මගේ බව දැනම
පමා වූ වසන්තයට
සමාවෙනු මැන මටම
නුඹේ හිත තැලුවාට...

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව