කඩදහියකි මගේ හිත

හතරට පහට නවා
මල්ලට එබුවෙමි
කිසි වැඩක් නැති
මගේ හිත මම
නැවුම් පාරවල් එක්ක
තැලිලා පොඩිවුනු
දුර්වර්න උනු
තවත් ටික දවසකින්
ඉරී යන මගේ හිත
පැලැස්තර දමා
වැඩක් නැති බලිකුරුටු
විතරක්ම ඇති
නුඹටවත් මටවත්
කිසිම වැඩක් නැති
මගේ හිත
ගුලි කරලා විසි කරමි
කලු ගඟට මගේ හිත
දිය වෙලා
නැති වෙලා යන්නම....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව