මියැදුනු බලාපොරොත්තුව

පිපෙන කැකුලට
මදිව පිනිබිඳු
මැලව මිය ඇද
වියැලිලා

එලෙස මගේ
හිත මිය
අදියි අද
හීන සුනුවී
විසිරිලා

පතන හිත
මගේ නොවෙන සඳ
අද දුකයි
හදවත ඉරි තලා

එහෙත් කෙලෙසක
මතක මකන්නද
හීන මැවු
ඔබ එක්කලා

අනුන් සතු මල
මගේ නොවේ යයි
දන්නවා මම
දන්නවා

ඒත් මගේ හිත
අයාලෙම යයි
ඔබව ඉල්ලා
හඬ හඬා.....

Comments

Post a Comment