සොඳුරු මිරිඟුව

අඳුරත් අරන් මීදුම හිනැහෙන යාමෙක
සෙවනැල්ලටත් හොරෙන් ගමන් ගිය කාලෙක
තනිවූ මං හීන ලෝකෙක
ඔබත් එක්කලා අඳුරු කුටියක

සිසිල උණුහුම එකට මිතුරුව
මැවූ ඒ සොඳුරුතම අරුමය
මුලාවක් බව දැනෙනවිට මට
පමාවී ඇත නොදැන නුඹ ගැන

මිරිඟුවට ඇද ගමන දිගුකර
මාව රවටන මගේ හිත නුඹ
තාම මං ලඟ වේදනා දෙන
සොඳුරු මිරිඟුව නුඹම තමයි...

Comments

Post a Comment