හිනැහෙමු දවසක...

ඇස් අගට කඳුලු පුරවන්
හිනැහුනා නුඹ කඳුලු අතරින්
කඳුලු බිඳු මං දුටුවත්
ගොලුයි වදනුත් මගේ

ඉන්න බෑ මට යන්න අවැසියි
ආ දුරත් දැන් වැඩි වගේ
සමා වුව මැන යන්න යමි මම
මගේ පාරේ හිතුමතේ

දෙදෙන අත අප වැරදි තිබුනා
ඔබද මා මෙන් එය දනියි
ඉතින් හිනැහෙමු ආයෙ දවසක
උනුන් මුහුනට මුනගැසී.......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව