Posts

සොහොන් මල

Image

Book fair වන්දනාව

හැම අවුද්දෙම සැප්තැම්බර් මාසය තමයි අපේ කියවීමේ මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍ය මාසය.මෙය නිමිති කරගෙන තමයි මේ දිනවල(ඒ කියන්නේ සැප්.14-22දක්වා )බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.මාත් ඉතින් මීට සතියකට විතර කලින් සැලසුම් කල විදියටම මගේ හිතවත් මිතුරෙකුත් සමග අද පොත් ප්‍රදශනය පැත්තෙ ගියා.පොත් ප්‍රදර්ශනය ගැන නෙවෙයි මට හිතුන දේවල් සහ මම දැකපු දේවල් ගැන අද පෝස්ටුව දාන්න හිතුවේ. බණ්ඩාරනායක පරිශ්‍රයට ඇතුලු වුන ගමන්නම් මගෙ ඇස් වලට අසු වුනේ සූරියකාන්තමල්,උදේ වරුව වුනත් අව්වත් තරමක් සැරට තිබුනා.කොහොම උනත් ඒක නම් ගානක් නෑ මොකද විෂේශයෙන්ම සොයාගතයුතු පොතක් ගැන හිතමින් තමයි මම පොත් ප්‍රදර්ශනය ඇතුලට ගියෙත්. කකුලේ ඇති වුන හදිස්සි අබාධයක් නිසාවෙන් වැඩි වෙලාවක්නම් එහි රැඳෙන්න මගේ අදහසක් තිබුනේ නෑ.කොහොම වුනත් සැලකිය යුතු දුරක් මට අපහසුවෙන් වුවත් ඇවිදින්න සිද්ද වුනා.එය සොයන අතරතුර තමයි සිරිමාවෝ අනුස්මරණ ශාලව අසල කොටසක සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන් දැක්කෙ.ඇත්තටම හරිම සුන්දර වැඩක් ඒක,මගෙත් පින්තූරයක් අන්දවා ගන්න ආස හිතුනත් මම වැඩිය ඒගැන හිතන්න ගියේ නෑ. කොහොම වුනත් මම ඔවුන්ගේ ...

මදුරුවන් පාරේ නටති

මේ එලඹි වැසි සමයත් සමඟ ඩෙංගු වසංගතය හිස ඔසවන්නේ අපේම මිනිසුන්ගේ වැරදි නිසාවෙනි.සරලව කිවහොත් වාර්ශිකව චක්‍රයක් ලෙස ඩෙංගු වසන්ගතය අපේ රට තුල පවතින්නකි,වැසි සමයට මතක් වන ඩෙංගු කාලයකට අපට අමතක වන්නකි ලාංකිකයන් ලෙස  එය අපගේ සාමාන්ය ස්වභාවය නිසා පුදුම විය යුත්තක්ද නොවේ.බ්ලොග් පෝස්ටුවක් දැමීමට  නොයෙකුත් මාතෘකා  ගැන කල්පනා කරන අතරතුර අද නගරයේදි දුටු එක්තරා සිද්දියක් මට කදිම වස්තු බීජයක් සැපයුවා. දවස ආරම්භයේ සිටම මහ වරුසාවක් නැතත් සැරි සැරේ වැටෙන පොද වැස්ස වෙලාවකට කරදරයක්,වෙනදා පවත්වන අමතර පන්තියද අද ගුරුතුමා අවලංගු කලේ හදිස්සි රාජකාරියක් නිසාවෙන්.විෂේශයෙන් කලයුතු යමක්ද නොමැති හෙයින් අපගේ වෙලඳ සැලට යන්නයි මම හිතුවෙ,මෑනියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම  මගේ පුරුද්දක් එයට තැනක් නොතැනක්  නැහැ.පුරුදු පරිදි මම මෑනියන් සමඟ එහි සිටින අතරතුර පිටතින් ඇසුනේ මහා කාලගෝට්ටියකි.කන්බිහිරි කරමින් යකඩ කටක් මහ හඬින් බෙරිහන්දෙයි,කියන කිසි දෙයක් පැදිලිව නොඇසේ.එහෙත් එය නොනවත්වා කෑගසයි.මමත් මවත් එවෙලෙහි එහි සිටි මාගේ මිතුරාද ඒ පිලිබඳ විමසිලිමත් වූයේ කුමක්ද මෙහි සිදුවන්නේ කියායි. මහා පෙලපාලිය...

සඳක් ලඟ නතර වෙලා සිත

Image

තනිකම

Image

මම

Image

මම හීන දකින මගෙ හඳ

Image