මදුරුවන් පාරේ නටති

මේ එලඹි වැසි සමයත් සමඟ ඩෙංගු වසංගතය හිස ඔසවන්නේ අපේම මිනිසුන්ගේ වැරදි නිසාවෙනි.සරලව කිවහොත් වාර්ශිකව චක්‍රයක් ලෙස ඩෙංගු වසන්ගතය අපේ රට තුල පවතින්නකි,වැසි සමයට මතක් වන ඩෙංගු කාලයකට අපට අමතක වන්නකි ලාංකිකයන් ලෙස  එය අපගේ සාමාන්ය ස්වභාවය නිසා පුදුම විය යුත්තක්ද නොවේ.බ්ලොග් පෝස්ටුවක් දැමීමට  නොයෙකුත් මාතෘකා  ගැන කල්පනා කරන අතරතුර අද නගරයේදි දුටු එක්තරා සිද්දියක් මට කදිම වස්තු බීජයක් සැපයුවා.

දවස ආරම්භයේ සිටම මහ වරුසාවක් නැතත් සැරි සැරේ වැටෙන පොද වැස්ස වෙලාවකට කරදරයක්,වෙනදා පවත්වන අමතර පන්තියද අද ගුරුතුමා අවලංගු කලේ හදිස්සි රාජකාරියක් නිසාවෙන්.විෂේශයෙන් කලයුතු යමක්ද නොමැති හෙයින් අපගේ වෙලඳ සැලට යන්නයි මම හිතුවෙ,මෑනියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම  මගේ පුරුද්දක් එයට තැනක් නොතැනක්  නැහැ.පුරුදු පරිදි මම මෑනියන් සමඟ එහි සිටින අතරතුර පිටතින් ඇසුනේ මහා කාලගෝට්ටියකි.කන්බිහිරි කරමින් යකඩ කටක් මහ හඬින් බෙරිහන්දෙයි,කියන කිසි දෙයක් පැදිලිව නොඇසේ.එහෙත් එය නොනවත්වා කෑගසයි.මමත් මවත් එවෙලෙහි එහි සිටි මාගේ මිතුරාද ඒ පිලිබඳ විමසිලිමත් වූයේ කුමක්ද මෙහි සිදුවන්නේ කියායි.

මහා පෙලපාලියකි,මහා කිව්වද එහි මිනිසුන් 500කට ආසන්න ප්‍රමානයක් පමන සිටියහ.පුදුමයකි ඔවුන් පෙලපාලි යන්නේ ඩෙංගු උවදුර වෙනුවෙනි.ප්‍රාදේශීය සභාපති පෙරමුනු කරගත් පාසල් සිසුන්,සෞඛ්‍ය පරීක්ශකවරු,පවුල් සෞඛ්‍ය නිලදාරිනියන්,ප්‍රාදේශීය ස්භාවේ සේවකයන් ,පොලිස් නිලදාරීන් තවත් නොයෙකුත් තරාතිරම් වල මිනිසුන් සැලකිය යුතු ප්‍රමානයක් එහි සිටියහ.

කොටසත් අතේ බොර්ඩ් ලෑලි එල්ලගෙන ඇත,තවත් කොටසක් බැනර් එලාගෙන යති.පාසල් සිසුන්ගෙන් සමහරක්ද එලෙස බොර්ඩ් ලෑලි ඔසවාගෙන යති.තවත් කුඩා සිසුවියන් කොටසක් මදුරුවන් ලෙස වෙස්ගෙන නර්ථනයේ යෙදෙති.තවත් තැනක මෝලම් සංගීතයක් වැයෙයි.ඒ අතරම යකඩ කටද මහ හඬින් කෑගසයි.
පෙලපාලියේ යන්නන්ට අමතරව කැමරා ඔසවාගෙන එහි ඡායාරූප ගැනීමටද කීප දෙනෙක්ම සිටියහ.
මොවුන්ගේ අරමුන කුමක්ද කියා අප සියලු දෙනාටම මහත් ප්‍රෙහෙලිකාවකි,ඩෙංගු වෙනුවෙන් මෙලෙස වීදි බැස නටමින් යාම ??වෙලාවකට මහා විකාරයක් ලෙසත් මෙය කෙනෙක්ට නොපෙනුනානම්  එයද පුදුමයකි.
මදුරුවන් වීදි බැස නටයි,තවත් කොටසක මෝලම් සංගීතයකි,තවත් කොටසක් බොර්ඩ් ලෑලි ඔසවාගෙන දඟලති,යකඩ කටක මහ හඬින් කෑ ගසමින් මදුරුවන්ට බැනවදියි මෙය මහා විකාරකි.මේ සියල්ල මදුරුවන් අසා සිටිනවා ඇති,මේ සියල්ල මදුරුවන් බලා සිටිනවා ඇති අදින් පසු අපට මදුරුවන්ගෙන් කරදරයක් නැත.මෙලෙස සිතනවා ඇත්තේ මම නොවෙමි.අප නගරයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය.මිනිසුන්ගේ කාලයත් ශ්‍රමයත් මුදලුත් නාස්ති කරමින් ඔහු සියලු දෙනා එකතු කරගෙන නාඩගමක් නටයි.

යමක් කමත් තේරුම් ගැනීමට හැකියාවක් ඇති මිනිසුන් නම් මේ විගඩම් දෙස උපේක්ශාවෙන් යුතුව බලනවා ඇතැති මම  සිතමි.සැබැවින්ම මදුරු වසන්ගතය වෙනුවෙන් යමක් කිරීමට මීට වඩා කොතරම් සරල මාර්ග තියේද.....???

යම්තරමකින් හෝ බුද්ධියක් තිබේනම් මෙය සන්විධානය කල පුද්ගලයාට කිරීමට තිබුනේ ඒ සඳහා පැමින සිටි සියලු දෙනා එකතු කරගෙන නගරයේ ශ්‍රමදානයක් කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට කටයුතු කිරීමය.එසේ සිදු කලේ නම් මේ කිසිදු කටයුත්තක් මෙලෙස විහිලුවක් නොවනු ඇත.සැබැවින්ම ආදර්ශවත් ක්‍රියාවක් වනු ඇත.එසේ සිදු කලේ  නම් නගරවාසීන්ගේද නොමද සහය ඔවුන්ට ලැබෙනු ඇත.නමුත් අද සිදු වූයේ එවන්නක් නොවේ මුග්ද නායකයෙකු යටතේ නාඩගමක් නටා නගරයක් ඉදිරියේ නෝන්ඩිවීමක්ම පමණි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ නටපු පදයකුත් නැත බෙරේ පලුවකුත් නැත යැයි කීමට පමණි එපමනකි.මෙවන් මුග්ද නායකයන් යටතේ පාලනයවන නගරයක ජීවත් වන්නට සිදිවීමද ලැජ්ජාවට කරුණකි, එසේම එය අපේ අවාසනාවකි.නැවත මෙවන් විකාර මගේ ඇස් දෙකට දකින්න නොලැබේවා මගේ ප්‍රාර්තනය එයයි ...!!!

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව