ජීවිතය සහ ප්‍රතිපත්ති



ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්,මම අහල තියෙන්නේ මනුස්ස ආත්මයක් ලබන්න ගොඩාක් පිංකරල තියෙන්න ඕනි කියලයි.සරලව කිව්වොත් මනුස්ස ආත්මයක් ලබාගන්න එක හරිම අමාරු දෙයක් .
ඒත් එහෙම අමාරුවෙන් ලබා ගත්තු මේ මනුස්ස ආත්මය අපි කොතරම් අර්ථයක් නැති විදියටද ගත කරන්නෙ ??

පොඩ්ඩක් හිතල බලන්න,මම මේ කතා කරන්නෙ සමහරවිට ඔයාගෙ ජීවිතය ගැන වෙන්න පුලුවන්.
ජීවිතේ අපි හීන දකින්න ඕනි, හීන දිගේ යන්න ඕනි හීන දැකල විතරක් මදි දවසක අපි හීන හැබෑ කරගන්න උත්සහ කරන්නත් ඕනි.මම ජීවිතය දකින්නෙ විදියට
කොහොම උනත් මොන දේ කරන්නත් අපිටම කියල ස්ථිර ප්රතිපත්තියක් ජීවිතය අවශ්යයි.ඒක තමයි අපේ ගමනේ මූලික අඩිතාලම,නිකමට හිතල බලන්න අපිටම කියල අනන් වුන ප්රතිපත්තියක් නැති උනාම ජීවිතේ කොච්චර අවුල් වෙන්න පුලුවන්ද කියල.


මම ගැන ඔයාලට පුංචි කතාවක් කියන්නම්

ඔන්න එකමත් එක රටක ලස්සන කඳු මුදුනක ගොඩාක් වටින මැණිකක් තියෙනව,මේ කන්ද මහ විශාලයි වගේම හරිම උසයි.බොහොම දුශ්කර ගමනක් යන්න ඕනි මේ කඳු මුදුනට ලඟාවෙන්නනම්.ඒත් හැබැයි බොහොම පැහැදිලි පාරක් කඳු මුදුන වෙනකන් තිබුන, වගේම තමයි මේ කඳු මුදුනට යන්න වෙනත් කිසිම පාරක් තිබුනෙත් නෑ මේ කතාව රට වැසියන් දැනන් හිටිය.ඉතින් දවසක් එක මනුස්සයෙක් මේ කන්ද නගින්න තීරනය කලා, එයා එයාගෙ ගමන පටන් ගත්ත.
මාරගයේ ගමන් කරනකොට මේ මනුස්සයට කඳු මුදුන පේනව,ඒත් ගොඩාක් දුර යන්න තියෙනව කියලත්
හරිම දුශ්කර ගමනක්.කොහොම හරි ඉස්සරහට යනකොට මේ මනුස්සයට පාර වෙන්වෙන ස්ථානයක් හම්බ වෙනව.එක පාරක් කඳු මුදුනට, පාරේ අවසානය කඳු මුදුන කියල පේනව.අනිත් මාර්ගය බොහොම සුන්දර එතරම් දුශ්කර නොවෙන මාර්ගයක් කියල දැන් අර මනුස්සයට පේන්න තියෙනව,ඒත් හැබැයි අවසානය කොහෙද කියලනම් පෙනෙන්න නැහැ.මේ පුද්ගලය හොඳටම දන්නව කඳු මුදුනට ලඟාවෙන්න වෙනත් කිසිදු මාර්ගයක් නැහැ කියල. බව දැන දැනම පහසුව තකා ඔහු දෙවන මාර්ගය තෝරගන්නව. මග අවසන් වෙන්නෙ හෙලකින්,මේ බව නොදැන හවස් වෙනතුරු ඔහු ඉදිරියටම ගමන් කරනව .කෙමෙන් කෙමෙන් අඳුර වැටෙන්ව.ඔහු අඳුරේම ගමන් කරනව අවසානයේ මේ මනුස්සයව අර හෙලට වැටිල ජීවිතක්ශයට පත්වෙනව


ඒක මහ පිස්සු කතාවක් නේද ???

මට කියන්න ඕනි උනේ අපිට ස්ථිර ප්රතිපත්තියක් නැති වුනහම අපේ ජීවිතේ යන්නේ අගාදයට.කරන්නන් වාලේ කරන දේවල් වලින් තාවකාලිකව පුංචිසතුටක් අපිට ලැබුනත් ජීවිත කාලයටම විඳවන්න ලොකු දුකක්,පසුතැවීමක් තමයි අපි අපේ ජීවිතයට එකතු කරගන්නේ.මඩේ ඉන්දපු ඉන්න ඇයි එහාට මෙහාට වැනෙන්නේ ??

ටිකක් හිතල බලන්න,ස්ථිර ප්රතිපත්තියක් නැති අපේ ජීවිතත් අන්න මඩේ ඉන්දපු ඉන්න වගෙ එහාටයි මෙහාටයි වැනි වැනී තියෙනව.
සමහරවිට ඉන්න මඩෙන් ඉදිරී වැටෙන්න පුලුවන්, මඩේම ඉන්න ගිලෙන්නත් පුලුවන්.ඇයි අපි අපේ ජීවිතයට අනවශ් අවධානමක් ගන්නෙ ???

හිතල බලන්න ආයෙමත් ඔබට ඔබේ ජීවිතය ගොඩ නගාගන්න පුලුවන්,ස්ථිර ප්රතිපත්තියක් ජීවිතයට එකතු කරගන්න.
එවිට ඔබ යන මග කවදාවත් වරදින එකක් නැතිවෙයි......




Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව