Book fair වන්දනාව


හැම අවුද්දෙම සැප්තැම්බර් මාසය තමයි අපේ කියවීමේ මාසය,එහෙමත් නැත්නම් සාහිත්‍ය මාසය.මෙය නිමිති කරගෙන තමයි මේ දිනවල(ඒ කියන්නේ සැප්.14-22දක්වා )බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ.මාත් ඉතින් මීට සතියකට විතර කලින් සැලසුම් කල විදියටම මගේ හිතවත් මිතුරෙකුත් සමග අද පොත් ප්‍රදශනය පැත්තෙ ගියා.පොත් ප්‍රදර්ශනය ගැන නෙවෙයි මට හිතුන දේවල් සහ මම දැකපු දේවල් ගැන අද පෝස්ටුව දාන්න හිතුවේ.


බණ්ඩාරනායක පරිශ්‍රයට ඇතුලු වුන ගමන්නම් මගෙ ඇස් වලට අසු වුනේ සූරියකාන්තමල්,උදේ වරුව වුනත් අව්වත් තරමක් සැරට තිබුනා.කොහොම උනත් ඒක නම් ගානක් නෑ මොකද විෂේශයෙන්ම සොයාගතයුතු පොතක් ගැන හිතමින් තමයි මම පොත් ප්‍රදර්ශනය ඇතුලට ගියෙත්.

කකුලේ ඇති වුන හදිස්සි අබාධයක් නිසාවෙන් වැඩි වෙලාවක්නම් එහි රැඳෙන්න මගේ අදහසක් තිබුනේ නෑ.කොහොම වුනත් සැලකිය යුතු දුරක් මට අපහසුවෙන් වුවත් ඇවිදින්න සිද්ද වුනා.එය සොයන අතරතුර තමයි සිරිමාවෝ අනුස්මරණ ශාලව අසල කොටසක සිතුවම් අඳින චිත්‍ර ශිල්පීන් දැක්කෙ.ඇත්තටම හරිම සුන්දර වැඩක් ඒක,මගෙත් පින්තූරයක් අන්දවා ගන්න ආස හිතුනත් මම වැඩිය ඒගැන හිතන්න ගියේ නෑ.
කොහොම වුනත් මම ඔවුන්ගේ සිතුවම් කිහිපයක් දැක්කා,ඇත්තටම හරිම සුන්දරයි ඔවුන්ගේ හැකියාව අගය කල යුතුයි.මම ඒක  හිතන විදියට සාමන්‍ය ජනතාවට ලැබෙන විශේශ අවස්තාවක්,කොහොම උනත් අවසානයේ ටිකක් ඇවිදල මගේ අවශ්යතාවය  ඉටු කරගත්තා ඒ කියන්නේ මම හොයපු පොත මට ලැබුනා.මම වගේම තවත් සැලකිය යුතු පිරිසක් අවුරුද්දකට සැරයක් මේ වගෙ පොත් හොයන්න එනවා.එක විදියක බැලුවොත් මෙය ඉතා වටිනා අවස්ථාවක්.වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට ජීවිතයට යමක් එකතු කරගන්න ලැබෙන හොඳම අවස්තාවක්.අපේ පැරැන්නන් කියවීම මිනිසා සම්පූර්න කරයි කියල කිව්වේ කට කහනවට නෙවෙයිනේ.

කොහොම උනත් මම මගෙ හිතවතාගෙත් අවශ්‍යතා කීපයක් වෙනුවෙන් අපි තවත් වෙලඳ කුටි කීපයටම ගියා.පාසල් දිනයක් වුනත් ප්‍රදර්ශන භූමියේ පාසල් සිසුන් සැලකිය යුතු ප්‍රමානයක් ඒ වෙනුවෙන් පැමින සිටියා.පොත් ප්‍රකාශකයන් සියලුදෙනාම පාහේ බහුතරයක් පොත් වෙනුවෙන් විශේෂ වට්ටම් ලබාදීම ඇත්තටම වටිනවා.මට මතකයි මම පාසල් යන කාලේ සාහිත්‍ය මාසයට අපේ පුස්ථකාලයට අලුතින් පොත් ලැබෙනවා,පසුකාලීනව තමයි මම දැන ගත්තේ ඒ සියල්ල විශේශ වට්ටම් යටතේ පොත් ප්‍රදර්ශනයෙන් මිලදීගත් ඒවා බව.කොහොම උනත් වසරකට වරක් මෙහෙම පොත් ප්‍රදර්ශනයක් පවත්වන එකනම් ලොකු දෙයක්. ඊලඟ අවුරුද්දෙත් පොත් ප්‍රදර්ශනයට කොහොම හරි එන එක තමයි මගේ බලාපොරොත්තුව නම් .

Comments

  1. මම නම් පොත් ප්‍රදර්ශණය බලන්න ගියේ ඉරිඳා.සූරියකාන්ත මලේ ෆොටෝ එකක් මමත් ගත්තා.මම මගේ අත්දැකිම තවම ලියමින් ඉන්නේ.ළඟදීම පොත් ප්‍රද්ශණය පිළිබඳ මට දැණුන හැටි පළ කරමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව