ලොකු මල්ලී


ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්,බැඳීම් ඊටත් වඩා පුදුමාකාරයි. දේ මට පුදුම විදියට දැනුන දවසක් ඊයෙ දවස. සිදුවීම සිද්ද උනේ මෙහෙමයි....

අම්ම හදිස්සියෙ අසනීප උන නිසා මටයි ලොකු මල්ලිටයි තමයි ඊයේ දවසෙ හවස් වරුවෙ කඩේ ඉන්න උනේ.ඉතින් පුරුදු විදියටම මමයි මල්ලියි වැඩ ටික කරගෙන ගියා.කඩේ ටිකක් සෙනග වැඩි උනා මල්ලි මට කඩේ වැඩ කරන වේටර් කෙනෙක් ගැන බලන්න කියල,ඒත් මට එයා කියපු දේ ඇහුනේ නෑ.ඒකට හේතුව මගෙ පුංචි කාලෙ ඉඳල තිබුන ප්රශ්නයක්.

මගෙ වම් පැත්තෙ කන ඇහෙන්නෙ නැහැ,පුංචි කාලෙ ඉඳල තිබුන ප්රශ්නයක් නිසා මට ඒක ගානක් නැති වෙලා තිබුනේ .මට අනිත් සද්දත් එක්ක මල්ලි කියපු කිසිම දෙයක් ඇහුනෙ නෑ නිසා.මම එයා කිව්වෙ මොකක්ද කියල අහද්දි මල්ලිට මල පැන්න.මට බනින්න ගත්ත කෙන්තියෙන්,ඇත්තටම මටත් කෙන්ති ගියා මොකක්ද කිව්වෙ කියල ඇහුවම මගෙ ඇඟට කඩන් පැන්නහම මමත් බැන්න.මල්ලිට හොඳටම කෙන්ති ගිහින් මටත් එහෙමයි.මම සද්ද නැතුව කටවහගෙන හිටිය.

තාත්තා කඩේට ආවෙ අතරෙ ,එයා අම්මට බෙහෙත් ගන්න එක්කගෙන ඇවිත්.එයා කඩේ ඉන්නම් කියල මල්ලිටයි මටයි යන්න කිව්ව.මාත් එහ්මම ඇවිත් ත්රීවිලර් එකට නැග්ග.මල්ලියි මමයි නෝ කතා නෝ සිනා
අම්මටත් ටිකක් අසනීපයි නේ.කොහොම උනත් එවෙලෙ අපි බැනගත්තු සිද්දිය මම අමතක කරලයි ගෙදර ආවෙ ඒත් මල්ලි මගදි ආයෙත් මට බනින්න ගත්ත.මටත් කේන්ති ගියා ඒකටනම් මොකද බනින්න තරම් ලොකු දෙයක් එතන සිද්ද උනේ නැති නිසා.

දෙන්න සැරටම බැනගත්ත මම මගෙ වැරද්දෙන් භාගෙට බිහිරි වෙලා උපන්නෙ නෑ නේ ඇත්තටම මගෙ හිත පුදුම විදියට රිදුන මල්ලිගෙ වචනත් එක්ක.මට මගෙ කඳුලු පාලනය කරගන්න පුලුවන් උනේ නෑ වැඩි වෙලාවක්.

හිතේ තියෙන දුක යන්තම් ගෙදරට එනකම් තද කරන් ආවත් ගෙදරට ආපු ගමන් මම කාමරයට වැදිල දොර වහගත්තෙ හිතේ හැටියට අඬල දුක තුනී කරගන්න.ඇඬුව මම හොඳටම ඇඬුව,මම රෑ එලිවෙනකම්ම අඬනව,ඒත් අම්මට බෙහෙත් ටික දෙන්න ඕනි නිසා මට එලියට එන්න සිද්ද උනා.

අම්ම මගෙ හිත හදන්න කතා කලත් වෙද්දිත් මගෙ හිත හදන්න බැරි තරමට පෑරිලයි තිබුනේ.
මගෙ වැඩ ටික මම කරා ,ඒත් සැරින් සැරේ මටත් හොරෙන් මගෙ ඇස් වලින් කඳුලු එනවා,වෙනද මේ හැම දෙයක්ම කියන්න ඉන්නෙ මගෙ හොඳම යාලුව කුසල්.ඒත් මේ වෙලාවෙ ඌට කරදර කරන්නත් බැහැ කියල හිතුන.ඔය අතරෙ තමයි මගෙ කිට්ටුම යාලුවෙක් උන තුසිත කෝල් කලේ,මම එයාට මේ කිසිම දෙයක් කියන්න නෙවෙයි හිතුවෙ.ඒත් හිතේ දුකට හැම දෙයක්ම මගෙ අතින් තුසිතට කියවුනා.තුසිත මගෙ හිත හැදෙන්න ගොඩක් දේවල් කිව්ව,ඇත්තටම මගෙ එක්ක අඬන්න තරමින් කිට්ටු යලුවෙක් ඉන්න එකත් මගෙ පිනක් වෙන්න ඇති. අතරෙ තමයි මම හිතුවෙ වත් නැති කෙනෙක් ගෙදරට ආවෙ,තුසිතගෙයි මගෙයි දුරකතන සංවාදය නිසා අවසන් කරන්න සිද්ද උනා. වෙන කවුරුවත් නෙවෙයි මල්ලිගෙ හොඳම යාලුව සුරංග අයිය ආවෙ.

"
මොකක්ද මල්ලි මේ උනා කියන්නේ ??"
මට හරි පුදුමයි සුරංග අයිය කොහොමද මේක මෙචචර ඉක්මනට දැනගත්තෙ කියල
"
පොඩි ප්රශ්නයක් උනා අයියේ"
"
අන්න අරූ අරෙහේ මීහරකා වගේ අඬ අඬා ඉන්නව මොකක්දවුනේ කියන්න මල්ලි"
මම අයියට උන සේරම දේවල් අකුරක් නෑර කිව්ව
"
අයියගෙ ඇස් වල කඳුලු බන් කිය කිය අන්න අරු අරෙහෙ හොඳටම අඬනව මල්ලි,ඕව ඔහොම තමයි ගනන් ගන්න එපා මල්ලි ඉන්න මම ඉශාන්ට කෝල් එකක් දෙන්නම් "
අයිය එහෙම කියල මල්ලිට කෝල් එකක් ගත්ත

මල්ලි ටික වෙලාවකින් ගෙදරට ආව මගෙ මූන දිහා බැලුවෙ නෑ මනුස්සය
ඌත් හොඳටම අඬල ඇස් දෙක රතූ වෙලා
සුරංග අයිය දෙන්නටමයි කතා කලේ මටවත් මල්ලිට වත් කතා කරගන්න බැහැ දෙන්නගෙම ඇස් වල කඳුලු
වෙලාවෙ කතා කලේ අපේ ඇස් වල තිබුන කඳුලු විතරයි
මම අද දැන ගත්ත ලොකු මල්ලි මට කොච්චර ආදරේද කියල,අපි අතරෙ තිබුන සහෝදර බැඳීම තවත් ශක්තිමත් උනා,තවත් ගොඩාක් ශක්තිමත් උනා.





එක කුසේ ඉපිද
එක තනින් කිරි උරා
එක මවුගේ සෙවනේ
අපි රැඳී උන්නා
ජීවිතේ ඉදිරියට
තනිව පිය මැන්නත් අද
එදා සිටි නුඹේ
සොයුරාම වෙමි මම
වයසින් මුහුකුරා ගියද
නොම බිඳේ අපේ පෙම
ඉදින් සියලු දෙවේ රැකවරණ
ලැබේවා මලේ නුඹට...........

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව