Posts

හිත හොයන උණුහුම

හුඟක් දුර ගිය නුඹේ උණුහුම තවම හිත ළඟ දැවටෙනා තවත් මගේ හිත බලන් ඉන්නේ නුඹම ආයෙත් එනතුරා බලන් උන්නට එන්නේ නෑ නුඹ මගේ යටිහිත හඬන්නා ඒ හඬන බිඳු කඳුලු විලසින් ඇස්කෙවෙනි අග ගලන්නා තාම මතකයි ඒ සොඳුරු රැය ඔබේ තුරුලේ උන්නු ඒ කවද ඉන්නද ඒ විලස යලි සිහිනයක්මයි එය මලේ නුඹට යන්නට හැකිවුනිද ඒ ලෙසින් මා මග දමාලා තවම හඬමින් ඉන්නෙමි මං ඔයා එනකල් නැවතිලා.......

අපි අද කොහේ

හිත ඇවිද යනවා දුර තවම ඔබ නැතුවාට හීන වල හිඳින්නේ ඔබමයි හැමදාට මගේ ළඟ තනිරකින කඳුලු ඒ හැම රෑට වැටෙනවා ඔබ නිසා දුක හිතී මං ගැනම එක්ව යන්නට මගක් සොයා යන්නට දෙදෙන වෙහෙසවූවා මතකද එදාමෙන් අදත් මට අතින් අල්ලන් මගේ හුඟක් දුර ඇවිද ගිය අපි අද කොහේ ඔබ මගේ නෑ කිසිම බැඳීමක්....

මතක පොත

හෙමි හෙමින් පෙරලනා ජීවිතේ පිටු අතර අතීතයේ මතකයන් මවන සිහිනයන් තවම දුරයි තව මට යන්න අවසාන පිටුව වෙත හෙම් හෙමින් කාලයම අවසනට ගෙනෙනු ඇත අවසාන පිටු අතර කුමක් තව ලියන්නට හිස් කොලද නැත තවත් ජීවිතය පුරවන්න නුඹ නො එන හුඟ දුරක ඉන්න බව දැන දැනම ගිනි තබමි මතක පොත මාද ඇවිලී යන්න.....

සිතුවම්

සඳ බැසගියා අද අහසේ තරුද නැත හරි අඳුරුයි කලුවර ඇස් වසා ඇත අඳුරේ අතපතගාන මගේ හිත නුඹේ ලඟ තාමත් රැඳී තියෙනා බව දන්නවද කන කස්බෑවා වියසිදුරකින් බලන කල ඇත මට ඉඩක් ඒ ලෙස තව ඉවසන්න බොඳවී අඳින සිතුවම් රෑ තුන් යාමේ සිහිවී වැටෙනවා සිහිනෙන් කොපුල් මත ඉන්නම් ඉතින් පුලුවන් කල් මං මෙලස එන්නට හැකිය නුඹහට කිසියම් දිනක......

හ්ම්.....

නුඹ නැති පාලුව දැනෙනවා හිතවත තනිවට එනවද මං ලඟ හවසට සුදු වැලි වෙරලේ පෙන පිඬු අතරේ සක්මන් කරන්න අත් වැල් පටලන් සුසුම් වැල් වලින් හදවත පුරවා ලොවට හොරා ආදරේ කරන්නට ආයෙත් දවසක ඇවිදින් යන්නට එනවද හවසක රැල්ල සිඹින්නට එනකල් ඉන්නම් මග බලාන මම එදා වගේමත් ඇවිදින් වෙරලට....

සම්මතය

රොබරෝසියා මල් වැටුනු පාලු මාවත් දිගේ අත් වැල් බැඳන් ලෝකයට හොරෙන් විඳි සුවඳ ඔබේ සුසුම් වල අදටත් මතකයි අඳුරු වීදි වල සක්මන් කරමින් සම්මත අසම්මතයන් අතරේ වෙනස දකින්නට අදටත් නොහැකිව දෙතැනක විඳවන පාලු හදවත් දෙකක් සාප කරනවා අදටත් ලෝකයාගේ සම්මතයට...

මගේ තනියට ඉන්න කඳුලු

නිහඬ සිතුවිලි හදට කොඳුරන ඔබේ මතකය උන්නු මං ලඟ නිල් අහස යට තරු පිරුනු අද රෑම අඳුරුයි නැති නිසාවට පුරුදු තනිකම ලඟට ඇවිදින් නෙත් කෙවෙනි අග සුසුම් ලන සඳ බලා ඉන්නේ කුමට මගේ හද නො එන බව දැන දැනම මා වෙත රිදෙන මතකය තාම මං ලඟ ඔබේ අඩුවට කඳුලු ඇත අද කමක් නැහැ සඳ නො එන් කිසි දින කඳුලු තනිවට හිඳියි මං ලඟ.....