අමනුශ්‍ය ආත්ම



අමනුශ් ආත්ම ඉතා භයානක විදියට මනුශ් ජීවිත වලට බලපෑම් කරනව කියන දේ සම්බන්ධයෙන් මගේ පියානනුත් ,මිත්තණියත්,සීයා තුලත් ඇත්තේ ඉතා දැඩි විශ්වාසයක්.ඇහින් දැකල නැතත් මම මගේ මාණියනුත් මේ දේවල් තුල යම් ඇත්තක් ඇති බව අදටත් විශ්වාස කරනවා.මේ සිද්ධිමාලව පටන් ගත්තේ මීට මාසෙක විතර කලින්, මේසේයි.

නින්දේ සිටි මගේ මිත්තණිය මහ හයියෙන් හූ කියාගෙන අසිහියෙන් වාගේ දොඩවන්න පටන් ගත්තා,මීට අවුරුදු ගානකට කලින් සිදුවූ මෙවැනි සිද්ධි පිලිබඳ මටත් මගේ මෑණියන්ටත් අත්දැකීම් බොහොමයක් තිබුනා.
නිතැතින්ම ඇගේ මුවගට නැගුනේ සිනහවක්, සිනහව තුල බොහෝදේ කියවුනා.මගේ මුවගත් සිනහවක් ආවෙ නිසාමයි.මමත් මගේ මෑනියනුත් සිද්ද වන්නේ කුමක් දැයි බලන්නට මිත්තණියගේ කාමරයට යනවිටත් සීයා ඇය අසලට වී බලා සිටිනවා.මගේ මෑ නියන් මෙතුවක් කාලයක් ඇය එවැනි සිද්දිවලදී කටයුතුකලාක් මෙන් බුදුගුණ සිහිකර මිත්තණියගේ හිස අතගානවිට ඇය පෙරසේම නැවත නින්දට වැටුනි.මගේ මෑණියන් නැවතත් මුලුතැන්ගෙයට පැමිනියේ ඇය වනවිට කරමින් තිබූ වැඩ කටයුත්ත අවසන් කිරීමටයි.මමත් ඇය පසුපසින්ම වැටුනේ අපේ නිවස තුල මහත් පෙරලියක ඇරඹුමක් මා සිතටද දැනුන නිසාවෙනි.ඇය නැවතත් පෙරසේම සිනාසුනි,මින් ඉදිරියට සිදුවන්නේ කුමක් දැයි මම හොදින්ම දනිමි.
මෑණියන් විසින් පියානන්ට සිදුවීම දැනුම් දුන්නේ පසුව ඔහුගෙන් එල්ලවිය හැකි දෝශාරෝපනයෙන් ගැලවීමටය.මින් ඉදිරියට ඇයගේ උපදෙස් අනවශ්යය,ඔහු තම හිතු මතේට සාත්තර පොලවල්,පේන කියන්නන්,අංජනම් බලන්නන් සොයාගියේ මේ සඳහා පිලියම් සෙවීමටය.

පසෙකට වී මමත් මෑනියනුත් මේ සියල්ල බලාසිටියේ අපටද වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාවෙනි.අවසානයේ ඇල්පිටිය ඌරගහ ප්රදේශයේ කට්ටඩියන් පිරිසක් මේ කටයුත්ත භාරගෙන තිබුනි.ඉන් පසු ඇරඹුනේ කටයුතු සඳහා අවශ් අඩුම කුඩුම සෙවීමයි,මුලදී ගෙදර ආරක්ශාවක් කිරීමට කටයුතු සූදානම් කරනවායැයි අපට කීවද අවසානයේ එය තොවිලයක් බව මෑණියන් කියනතුරුත් දැන නොසිටියෙමි.මා සිත තුල තිබුන පුංචි විශ්වාසයත් සමග විශාල කුතුහලයක් ඇතිවිය.


සඳහා යන වියදම ඇසූවිටනම් මගේ සිතට කෝපයක් නැගුනි,මන්දයත් මුදල් වියදම් කලයුතු අත්යවශ් වැඩ දහසක් තිබියදී මෙවන් නිශ්ප්රයෝජන වැඩක් සඳහා එවැනි මුදල් කන්දරාවක් වැයකිරීම මහ අනුවණ කමකි,එහෙත් මට එය වැලක්වීමට කිරීමට පුලුවන් කමක් නැත මෑණියන්ද අසරන සෙයකි බලන් හිඳිනවා හැර අපට වෙනත් කිරීමට යමක් නොවේ.

තොවිල් දිනයේ උදෑසනම පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු පියානන් සමග නිවසට පැමිනියහ.ඔවුන් ගොක් කොල ආදිය යොදාගනිමින්,පෙරේත තට්ටු ආදී නොයෙක් නම් වලින් විවිද හඳුන්වාදීම් සහිත නිර්මාන කිහිපයක්ම සිදු කරනවා මම දුටිමි.සැබැවින්ම ඒවායේ කාලාත්මක සුන්දරත්වයක් මම දුටිමි,එය අගය කලයුතුය.

කාලය ගතවත්ම තෙවැන්නෙකුද පැමිනියේය.දැන් මුලු කට්ටඩියන් ගනන 3කි.හවස් යාමය වනවිට ඉතා සුන්දර ලෙස නිමැවූ ගොක් කොල නිර්මාන කිහිපයක් නම් මම දුටිමි.කට්ටඩියන් දෙදෙනෙකු හෝ ගා මොන මොනවදෝ ඔවුන් සෑදූ තට්ටු වලට මතුරති,එක්කෙනෙකු උඩ තට්ටුවේ කාමරයකටවී බුදිය.
ආයාසයෙන් උවද සිනහව මැඩගෙන සිටිය යුතුය.හදිස්සියේම එක් කපු මහතෙකුට ගෙදර පිලිකන්නට යෑමට අවශ්යවිය.යායුත්තේ බලු කූඩුව අසලිනි,ආගන්තුකයා දුටු සැනින් බල්ලන් බුරන්නට විය.ඔහු ආපසු ගෙය තුලට ඒමට පෙර මොනවදෝ කියා එක බල්ලෙකුට මැතිරීය.

ආයෙ ඉතින් මෙයා මට බුරන්නේ නෑ,ඔහු මා හට උජාරුවෙන් පවසයි

බල්ල නොබුරනේ මා ලඟ සිටින නිසා විනා ඔහුගේ මන්තරයක් නිසා නොවෙයි.දෙවන වතාවේ ඔහු පිලිකන්නට යන්නට සැරසෙනවිට බල්ලා මහ හඬින් සැර දැම්මේ මන්තරේ බලයටය.මොන විහිලුවක් මේ,වෙලාවකට මහත් කෝපයක් හිතට දැනුනද අදින් මෙය අහවර වෙන නිසා හිත සනසාගත්තෙමි.
තවත් හවස් වන විට කාන්තාවක්ද පැමිනියාය,ඇය එක් කපු මහතෙකුගේ බිරිඳය.ඇය විසින් අඳුනෙන් බලන්නේලු,අඳුනක් යනු මොකක්ද කියාවත් මම මේ වන තෙක් දැක නැත.
හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට කියා පැරණි කියමනක් තිබේ.අදනම් එය මට ඇස් ඉදිරියේම පසක් වෙමින් පවතී.

තොවිලය පටන් ගති,මාගේ පියානන්ගෙ ඉල්ලීම පරිදි බෙර වාදනයක් නැත.
කට්ටඩියන් දිගට හරහට සැර දම දමා මතුරයි.
එහෙත් අවාසනාවකට මට ස්වල්ප වේලාවකට ගෙදරින් බැහැරවීමට සිදුවිය , මගේ මෑණියන් කැටුව ඒමට සිදු වූ නිසාවෙනි.


බැහරවූ ස්වල්ප වේලාවට මහා දෙයක් සිදුවී නැත.
මමත් මෑනියනුත් බිමින් ඉඳ ගත්තෙමු.
පියානන් මිත්තණිය සමග,පැදුරක කපු මහතා ඉදිරියේ වැඳගෙන සිටියි.
සිදුවන්නේ කුමක් දැයි ඇයත් මමත් විමසිලිවූවෙමු.කපුවන් මතුරයි,මෙය මහා ප්රෝඩාවකි අපි තනකොල කන වෘශභයන් යැයි මොවුන් සිතනවා ඇති.පියානන්ගේ පාලනය හමුවේ අපගේ හැගීම නිශේදනයවීයයි.
එකෙනෙකාගේ මුහුනට මුහුන බැලීම හැර වෙනත් දෙයක් කෙරීමට අපට නොහැක.මේ සියල්ල සාලයේ සිදුවන අතරතුර,කාන්තාව අඳුනෙන් බලයි.ඇයගේ විධාන අනුව කට්ටඩියන් මතුරයි.මල ප්රේතයන් බන්ධනය කිරීම අහවරය,ඔවුන් පවසන විදියට ප්රේතයන් තුන්දෙනෙකු බන්ධනය කර ඇත.වැඩ කටයුතු අහවර බැවින් දැන් අඳුනෙන් පේන බලන්න හැකිලු,කුතුහලය නිසා මමත් මෑනියනුත් අර කාන්තාව ලඟට ගියේ පඬුරු තැබූ බුලත් කොලයක් සමගය.ඇය පේනය බලයි,එය වතුර පිරවූ කාලේ අරක්කු බෝතලයකි.එය ඉදිරියේ පහනක් පත්තු කර ඇත.තවද පලතුරු හා කැවිලිද තබා තිබෙනු පෙනේ.මේ සියල්ල තබා අත්තේ තට්ටුවක් ලෙස සරසන ලද පුටුවක් උඩය.ඇය අපිට අර බෝතලය දෙස බලන්න කියයි,අනේ එය තුලින් පහනේ ප්රතිබිම්භ හැරුනවිට අපට නම් කිසිත් පෙනුනේ නැත.ඇය දැන් පේනය කියයි.
දැනගන්න ඕනි මහත්තයි දරුවො තුන් දෙනයි ගැන නේද

ලොකු දරුව ගෙදරින් පිට නේද ඉන්නේ?
එයාට ටිකක් අපල තියෙනවා
කතා කරනව හරිම අඩුයි,හැම දෙයක්ම හිතේ තියාගෙන ඉන්නවා.
දෙයියනේ හිනා නොවී සිටින්නේ කොහොමද මෙවැනි විහිලුවලට.
පවුලේ වැඩි මහල් දරුවා මම වෙමි,දවසේ පය 24 මම ඉන්නේ නිවස තුලමය.පිටතට යන්නේ එහෙමත් වෙලාවක.
මගේ මෑනියන් සමහරවෙලාවට මගේ කියවිල්ල ඇත්තටම වදයකි, තරමටම මම කතාකරමි.
ඉදින් මැය මේ කියන දේවල් අසා සිනා නොවී සිටින්නේ කෙසේද ??
මේ කාන්තාව සිතන්නේ අප තනකොල බුදිනවා කියාද ??කමක් නැත ඇය එසේ සිතුවාවේ,මමත් මෑනියනුත් නිශ්ශබ්දව ඇය කියන දේවල් අසාගෙන සිටීමු.
මටද මෑනියන්ටද මේ අමු බොරුවක් බව පසක්වී හමාර වුවත් එය අපගේ සිත් තුලම පමනක් තිබුනාවේ.
මාගේ නැන්දනියන්ද ඇයගෙන් පේන බැලූහ

අනේ හරියටම කිව්ව නේද , ඔවුන්ගේ දැක්මයි.එය නිවැරදි කිරීමටවත් තර්ක කිරීමටවත් මට උවමනාවත් නැත.ඔවුන් කියන දේවලට සවන්දීම පමනක් සෑහේ,නිශ්ශබ්දව සිටීම මේ වෙලාවේ යහපත් බව මට හැඟුන නිසාවෙන්ම හූමිටි පමනක් තැබුවෙමි.


රැය නිදිවරා සිටි නිසාවෙන් දෑස් ඉබේම පියවේ,කටයුතු සියල්ල අවසාන නිසා කට්ටඩියන් යන්න යාමට සූදානම්වෙයි.ඇඳට වැටුනා පමනක් මතකය අවදි වෙනවිට 12ත් පසුවී හමාරය,මෑනියන් සම්ග කතාකිරීමට බොහෝදේ තිබේ එහෙත් ඇය මේ වෙලාවේ සිටින්නේ වෙලඳ සැලේය.දෙවරක් නොසිතා මම වෙලඳ සැලට ගියෙමි.

මා කියූ සියල්ල අසා සිටි ඇය අවසානයේ කියාසිටියේ,සල්ලි වියදම් උනාට කමක් නෑ දැන් කට්ටියගෙ හිතේ ඉඳපු යකා ගියානේ.අඩුම ගානේ දැන් ඒගොල්ලන්ගෙ හිත සතුටු ඇතිනේ,එපමනකි.


ඇයට හරි අපූරු හදවතක් තිබේ,ඇයගේ අඩි පාරේ යනවා මිස මම කෙදිනකවත් පියානන්ගේ අඩි පාරේ නොයමි.අවසානේ පිස්සන් සමග නිදිවර්ජිත රැයක් පහන් කලා වැනි හැඟීමක් සිතතුල ඉතිරිවිය.
පැරනි විශ්වාසවලට ගරු කල යුතුය,අතීත අභිමානයට ගරු කලයුතුය.එහෙත් මෝඩයන් මෙන් ඒවාතුල ජීවත් වීම මහ අනුවණ කමකි.

අවසානයේ මගේ පියානන් දහස් ගනනක් වැයකර ඔහුගේ හා ඔහුගේ දෙමාපියන්ගේ සිත තුල හොල්මන් කල අමනුශ් ආත්මය පලවා හැර සිත සනසා ගත්හ.







Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව