අම්මත් ලඟ නෑ තාත්තත් ලඟ නෑ.....................( මගේ බෝඩින් ජීවිතය )
ආතල් එකේ ගෙදරට වෙලා ඉඳපු කාලය ඉවර උනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.ගෙදර අතඇරල බෝඩිමකට මාරු වෙන්න සිද්ද උනේ ගෙදර ඉඳන් කැම්පස් එන්න අමාරු නිසයි.හොඳට කල්පනා කරල බැලුවොත් තවම ගෙදරින් යැපුනත් තනියම ජීවිතේ ඉස්සරහට යන්න අඩිතාලම දාල ඉවරයි කියන හැඟීම හිත ඇතුලෙ කැරකෙනවා.හැම දෙයක්ම තනියම කරගන්න සිද්ද වෙලා.
ගෙදර ඉද්දි නම් හැම දෙයකටම ගෙදර කවුරුම හරි ඉඳිය,ඒත් බෝඩිමේ ඉන්න රූමා ඇරුනම මේ ගෙන්දගම් පොලවේ වෙන කවුරුවත්ම නැහැ මගේ ලඟ .ජීවිතේ මහා පුදුමාකරයි.........කවුරු කිව්වත් ඒ කතාව 100%ක් ඇත්ත.වෙනස්වීමත් එක්ක වෙනස් වෙන එක හරිම අමාරුයි,ඒත් ඉතින් මොනවා කරන්නද.පැවැත්ම පවත්වාගන්න නම් වෙනස්වීමත් එක්ක අපිත් වෙනස් වෙන්න එපැයි.....
අම්මයි තාත්තයි ලඟ හුරතල් වෙවී ඉඳලා,පිස්සු නටපු කාලේ ඉවරයි නේද කියලා වෙලාවකට හිතෙනවා.තනියම ජීවත්වෙන හැටි ඉගෙනගන්න තනියම ජීවිතේ නැගීසිටින්න කාලය ඇවිත්.අම්මත් ලඟ නෑ තාත්තත් ලඟ නෑ,ඒත් ඉතින් මට ඉන්න වෙනවා ......

Comments
Post a Comment