රුවල් බිඳිලා...

රුවල් බිඳිලා පාවෙලා යන
මගත් වැරදී කුණාටුව මැද
සයුර මැද මංමුලා වුන මම
දුටුව සුන්දර පහන්ටැඹ නුඹ

දුරක් තිබුනත් වෙරල වෙත තව
ගල්පරද රුදු රලද මැද මම
සොයා කෙම්බිම ජීවිතයේ ලද
රැගෙන යන්නෙමි නෞකාව ගෙන

අඳුරු අහසක සුළන් සැර වැඩි
එකම එලියත් නුඹේ ලඟ ඇති
මඟ සොයා ගොඩ බිමට හිත රැඳි
ආවා මම නුඹ සොයා හිමිඇති...



Comments

Popular posts from this blog

හිත් පැටලුම

එන්න ආපසු....

තාම අපි අපේමයි...