Posts

යන්න ඉතින්......

මේ වැටෙන කඳුලු වැටෙන්නේ නුඹ නිසාමයි තනිව සිටි මට හුදකලාවක තනිය මකලා ආ  නිසා නුඹ යන්න ගිය ඔබ මා දමා අද හඬා වැලපෙයි මුලු හදම එක්ව යන මඟ හීන දැක මං බොහෝ දුරකින් නතරවී හිඳ හීන හීනම කියා වැටහී කඳුලු වැටෙනා ඇස් කෙවෙනි අග සොඳුරු මතකය ඉතිරි කර ඔබ යන්න යන්නම ඔබේ මගකට කුමක් වෙනුවෙන් ඔබේ හදවත නතරවී මග බලන්නේ.... තනිවෙනා මා නොහඬනා විට කුමට ඔබේ ඇස් හඬන්නේ යන්න ඇහැකියි ඔබේ ලොවකට ඔහුත් එක්කල සතුටු වන්නට නොම පමාවනු වසන්තය ලඟ බලන් ඉන්නට තවත් දවසක්...

මලට කියමි

පෙති තැලුන බව දැන දැනත් තවමත් තුරුලුකරන් රකින්නේ වියලි සුලඟින්වත් බේරාගන්න නුඹව පුංචි කුසුමේ පරව යනතුරාවට රකින්නම් තැලුන පෙති මගේ ළයට තුරුල්කරන් සීතලට වැටෙන කඳුලු බිඳුවලින් වත් තැලුන නුඹේ සිනිඳු පෙති සහනයක් ලබයි නම් හඬන්නම් රිදුම් දෙන පෙති සීතලට තෙමෙන්නට මං ලඟින් තියාගෙන......

ප්‍රවේශමට හිටපන්..........

Image

බලන් ඉන්නද මං ....

අමතකව තිබූ කව හිත යටින් එබෙද්දී, මං ගැනම දුක හිතී හිත යටින් හඬද්දී නුඹ ලඟට දුව ඇවිත් තුරුලුවී සැනසෙන්නට ඉඩක් නම් නෑ, කඳුලුවල සීතලට තෙමී ගිය කම්මුල් උනුහුමින් පිරි මදින්න නුඹ එනතුරු බලා ඉන්නට තවම හිත හයියයි.... එදා තරමට නැතත් බලා ඉන්නද ඉතින් මගෙ පාලු හීනයට හන්තාන එනතුරා.....

දුරක යමි

අතින් මුව වසාගෙන ඉකි බිඳුම් නොඇසෙන්න මගේ සුසුම් වල හඬ ඔබෙ සවනට ළං නොවෙන්න කුමක් කරමිද ඔබේ හදට නොරිදුම් වෙන්න දුරකටම යම්ද මම ඔබෙන් ඈතට වෙන්න තිබුනු එක හවුහරන ඔබේ හදවත ගාව යන්න සිත ඉඩ නොදෙයි හුදකලා ලෝකයට පාලු සොහොනක පිපුන සොහොන් මලක සුවඳ හිත වටා රැඳෙනවා මොනවදෝ මුමුනමින් කෙදිනක හෝ යන්න යන බව දැනම උන්නු ඔබ යන්න ඉඩ දෙන්න මට ලිහා බැමි හැමදේම.......

නොඉඳුල් කුසුම

සුවඳවත් නොවිඳ නෙලාගත් නොඉඳුල් කුසුම නුඹ... කිලිටි මල් අසුන සරසන්න ලොබ බැඳින් පුදසුන අබියසට වී බලා හිඳිමි තවමත් අතින් ගෙන පරව ගිය කිලිටි මල් මග බලා හිඳියි තව නැවුම් මල් එනතුරා කිලිටිවී පරව යන.... දෝතෙහිම පරව යන තුරා ඔබ රැක ගනිමි නොකිලිටිව නුඹේ සුවඳ නුඹේ ලඟම රඳවා....

නුඹ යන්න ගිහින්

සීතල දෙතොල් වෙවුලමින් සොයන උණුහුම ඈත ගිහින් තවම දන්නේ නැහැ, ලඟ උන්නු නුඹ යන්නම යන්න ගිහින් අදහනු බැහැ සිහිනයක් මෙන් තවමත් මා උමතු කරනා ඔබේ සුවඳ රැඳෙමින් මා අසලම රිදවනවා මටම නුඹ යන්න ගිය බව කියමින්....