නොඉඳුල් කුසුම

සුවඳවත් නොවිඳ
නෙලාගත් නොඉඳුල් කුසුම නුඹ...
කිලිටි මල් අසුන සරසන්න ලොබ බැඳින්
පුදසුන අබියසට වී බලා හිඳිමි
තවමත් අතින් ගෙන
පරව ගිය කිලිටි මල්
මග බලා හිඳියි තව
නැවුම් මල් එනතුරා
කිලිටිවී පරව යන....
දෝතෙහිම පරව යන තුරා
ඔබ රැක ගනිමි
නොකිලිටිව නුඹේ සුවඳ
නුඹේ ලඟම රඳවා....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව