පමා වී පිපුන රෝස කුසුම

අනුන් සතු උයනක
පිපි රෝස කුසුමක
සුවඳ,
සනහලන මුලු හදම
අනුන්ගේ උවද ඔබ...
උමතු වූ සිහිනයක
නිදි වරන ඇසිපියට
සොඳුරු රුව
හැම විටම
අගනේය තව තවත්...
සොඳුරු ඇය නෙලා
ඔබ සුවඳ විඳ
රැගෙන යන දවස ලඟ
එන්නේය මට හොරා
විගසින්ම....
පමා වී දුටුව ඔබ
සුවඳ හද පුරවාන
මතකයේ එක් කොනක
රිදවාවී දවසක.......


Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව