තරුවකටවත් ඇහෙනවානම්......

තරු අයිති අහසට,
සඳ අයිති අහසට,
ඉරත් අයිති අහසට,
පොලොවට වෙලා බලන් ඉන්න මම ...
ඒවා දිහා බලන් ඉන්නව හැරෙන්න වෙන මොනවා කරන්නද ??
පොලවට වෙලා අහස දිහා බලන් ඉන්න එක වෙලාවකට සතුටක්,ඒත් ටික වෙලාවකට විතරයි.අහසට ගොඩක් දේවල් අයිතියි, වෙලාවකට මට මං ගැනම දුකයි මට මොනවද තියෙන්නේ මොනවද මම මේ කරන්නේ කියලා.....එහෙම කියලා ඉතින් අහසෙ තරු  මට ලබෙන්නෙත් නැහැ,ඒත් ඉතින් හිත ඒක තේරුම් ගන්නෙත් නැහැ.
කවද හරි තරුවක් මම ලඟට ඒ කියල බලන් ඉන්නවා, කවදාවත් මගේ ලඟට නාවත්...මොකද මට එතකොට ජීවත් වෙන්න හීනයක් තියෙනවා කිසිම දෙයක් මං ලඟ නැතත්.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව