Posts

පව් සහ කඳුලු

හීන අද්දර කඳුලු එක්කලා නුඹ එනතුරා මං බලා උන්නා අදත් එලෙසම හිතත් එක්කලා තාම ඉන්නේ නුඹම වෙනුවෙන් පාලු මකනා සිහිල් සුළඟට සුවඳ නුඹගේ කවුද  දුන්නේ හිතුවක්කාර හිත ඔහේ එහේ මෙහේ පාව යන්නේ පරණ මතකය රිදෙන හිත ලඟ තවත් මං ළඟ දඟ කරන්නේ කුමට දුක් ගිනි තවත් උහුලන් මගේ හිත වේදනා විදින්නේ ගෙවන පවුවල උරුම මේ කඳුලැලි වලින් ඒ පවු ගෙවී යන්නේ යලිත් කිසිදා ගෙවන්නට තව පවු එපා මගේ හිත හඬන්නේ....

නින්ද

නුහුරු සයනයක නින්ද සොයන හිත අහලකවත් නෑ නින්ද එන්න ළඟ පාලු අතීතය නින්ද හොරාගෙන අතරමං කරන් මං නැහැ මං ලඟ වැතිර සයනයේ උන්නත් මා ගත තවත් කොහේවත් දුව යන හිත නැත ඒත අතීතයේ අහුමුලුවල හිඳ සතුට සොයනවා හිත සනසන්නට කුමක් කරන්නට අහිමි වුවත් සඳ දෑස පියාගමි නින්දට එන්නට...

නුඹ මං ලඟ නැහැ

තටු හොඳටම රිදිලා හිතත් හොඳටම රිදිලා තවම නුඹ සොයලා මා ගිලන් වීලා එන්න යැයි කියලා කියන්නේ නෑ මා ඒත් පාලුයි හැමදා නුඹම නැති හන්දා තවම තනි හිත මාගේ හඬනවා ඉකි බිඳලා කිසිත් නෑ මගේ මානේ තනිකමයි වද දෙන්නේ......

හිත හොයන උණුහුම

හුඟක් දුර ගිය නුඹේ උණුහුම තවම හිත ළඟ දැවටෙනා තවත් මගේ හිත බලන් ඉන්නේ නුඹම ආයෙත් එනතුරා බලන් උන්නට එන්නේ නෑ නුඹ මගේ යටිහිත හඬන්නා ඒ හඬන බිඳු කඳුලු විලසින් ඇස්කෙවෙනි අග ගලන්නා තාම මතකයි ඒ සොඳුරු රැය ඔබේ තුරුලේ උන්නු ඒ කවද ඉන්නද ඒ විලස යලි සිහිනයක්මයි එය මලේ නුඹට යන්නට හැකිවුනිද ඒ ලෙසින් මා මග දමාලා තවම හඬමින් ඉන්නෙමි මං ඔයා එනකල් නැවතිලා.......

අපි අද කොහේ

හිත ඇවිද යනවා දුර තවම ඔබ නැතුවාට හීන වල හිඳින්නේ ඔබමයි හැමදාට මගේ ළඟ තනිරකින කඳුලු ඒ හැම රෑට වැටෙනවා ඔබ නිසා දුක හිතී මං ගැනම එක්ව යන්නට මගක් සොයා යන්නට දෙදෙන වෙහෙසවූවා මතකද එදාමෙන් අදත් මට අතින් අල්ලන් මගේ හුඟක් දුර ඇවිද ගිය අපි අද කොහේ ඔබ මගේ නෑ කිසිම බැඳීමක්....

මතක පොත

හෙමි හෙමින් පෙරලනා ජීවිතේ පිටු අතර අතීතයේ මතකයන් මවන සිහිනයන් තවම දුරයි තව මට යන්න අවසාන පිටුව වෙත හෙම් හෙමින් කාලයම අවසනට ගෙනෙනු ඇත අවසාන පිටු අතර කුමක් තව ලියන්නට හිස් කොලද නැත තවත් ජීවිතය පුරවන්න නුඹ නො එන හුඟ දුරක ඉන්න බව දැන දැනම ගිනි තබමි මතක පොත මාද ඇවිලී යන්න.....

සිතුවම්

සඳ බැසගියා අද අහසේ තරුද නැත හරි අඳුරුයි කලුවර ඇස් වසා ඇත අඳුරේ අතපතගාන මගේ හිත නුඹේ ලඟ තාමත් රැඳී තියෙනා බව දන්නවද කන කස්බෑවා වියසිදුරකින් බලන කල ඇත මට ඉඩක් ඒ ලෙස තව ඉවසන්න බොඳවී අඳින සිතුවම් රෑ තුන් යාමේ සිහිවී වැටෙනවා සිහිනෙන් කොපුල් මත ඉන්නම් ඉතින් පුලුවන් කල් මං මෙලස එන්නට හැකිය නුඹහට කිසියම් දිනක......