Posts

මං පොඩි කාලේ

ඉස්සර මමයි මල්ලියි පොඩි කාලේ අපේ ගේ ලඟින් පොඩි දොල පාරක් ගලාගෙන ගියා ... දොල පාරක් කිව්වට ඒක ඇත්තටම තිබුනෙ කුඹුරුවලට වතුර ගෙනියන්න .... ඉස්සර වැහි කාලෙට ඔය දොල පාර දෙගොඩ තලා යනවා ... හැබැයි මහ වෙලාවකට නෙවෙයි ...පැය දෙක තුනකට වගේ තමයි , එහෙමත් දවසක තමයි ටිකක් වෙලා සැරට වතුර පාර ගලන්නේ .... ඒත් වතුර දනකට ටිකක් වැඩිය ඇති , මට මතකයි ඉස්සර ආච්චි කියනවා තාත්තලා පොඩි කාලේ නම් ඇල සෑහෙන්න ගැඹුරයිලු .... තාත්තලා ඉස්සර ඇලෙන් නාලත් තියෙනවලු , ඒත් අපි පොඩි කාලෙ නම් ලොකු වතුරක් තිබුනෙ නැහැ ... ඔන්න ඉතින් ඔහොම ඉඳල හිටල වැහැපු දවසට මගෙයි මල්ලිගෙයි රාජකාරිය පහුරක් හදන එක ... පහුරක් කිව්වට මොකද අපි දෙන්නා කරන්නේ සීයා ගෙදර ගෙනත් ගොඩගහල තියෙන උන බට තුනක් විතර එකට ගැට ගහලා වතුරට දාන එක කරන්නේ .... ඒ උන ගහක් උස්සගන්න තරම් වත් පනක් නැහැ අපි දෙන්නට ඒ තරමට පොඩි බට්ටො දෙන්නෙක් ... ඒත් ඉතින් කොහොම හරි අපේ ආතල් එක අපි ගන්නවා අම්ම කෝටුවක් අරන් ඇල ලඟට එනකල්ම , එහෙමත් දවසක තමයි කෙහෙල් කොටයක් හම්බෙන්නේ පහුරක් හදාගන්න ...  නාන්න තරම් වතුරක් නොතිබුනත් වැහිදාට නම් අපි ඇලේ නටනවා , වැස්ස පායනකල් ඉඳලා...

අභිසාරිකාව

සියක් හිත් ඇත සනසලා මම තවත් හිඳිමියි සනසමින් අදත් මගේ හිත තනිව ඉඳ හිට උතුරනා බිඳු නෙත් අගින් මටත් තිබුනා එකම එක හිත් සෙවනක් නතරවී ඉන්න ඉඩක් ලැබුනේ නෑ එදත් අද මෙන්ම තවත් කාසිවලටම නොවෙනා හිත අයදිනා උනුහුම සනසගන්නට අතින් අත හුවමාරුවට හිත සනසවන ගත දිරායන කල ළංව ඇත අද තවම හිත ඒ සෙවන යට සෙවන නොදෙනා නුඹේ හිත ලඟ......

තනිකම

තනිකම , උරුමය කරුමය ලෙස නොව , උරුමය ලෙසම වැලඳගමි, තනිකම ඒ ලෙසින්ම....

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......

අපි හැමෝටම ජීවිතේ හැබෑ කරගන්න බැරි වුනු ආදර කතාවක් තියෙනවා.... ඇස් ඉස්සරහා පෙනි පෙනී ඉන්න හීනය තමන්ගේ කරගන්න බැරි උනාම දැනෙන වේදනාව කාලයක් යනතුරා දරාගන්න අමාරුයි.... හිත සෑහෙන්න කඩන් වැටෙනවා... නුඹ ළඟ මං ගැන ආදරයක් නැති උනත්  හිත නතර උනේ නුඹ ළඟ.... කෙනෙක් ජීවිතයට ආදරයක් හොයන්නේ තනිකම මකාගන්න,තමන් වෙනුවෙන් කෙනෙක් ලඟ ඉන්නවා කියලා හිත සනසගන්න,ජීවිතේ දුක සතුට බෙදාගන්න....ඒ හැම දෙයක්ම නුඹ ළඟ තියෙන්නේ දැන්.... මං ගැන නුඹට හිතක් නැති උනත් මම හරි අසරණයි දැන්.... මං ගැන හිතක් නැති නුඹ මගේ හිතට ඇහුම්කන් දෙන්නෙත් නැහැ... හිත සනසගන්න රෑ සිහිනෙන් මවන හීන ඇස් අද්දරින් ගලන් යන්නේ හිතේ දුක අඩුකරගන්න.... මගේ හීන ලෝකෙට පාර හදන්න පුලුවන් නුඹටම විතරයි.... මගේ හිතේ විශ්වාසයක් නැහැ තවත් කෙනෙක් මේ ලෝකෙ ඇති කියලා ඒ දේ කරන්න පුලුවන්.... මගේ නොවෙන නු ඹ ට මං ගොඩාක් ආදරෙයි හැමදාමත්.... නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නති උනත් නුඹෙන් හෙටක් පතනවා..... ගමක කඳුලු නුඹේ නමින් නෙතින් ගලනවා රෑ සිහිනෙන් පෙම් දිව සලු හිත දැවටෙනවා..... ආදරයෙන් පිරුනු ලොවක් ඇතැයි හිතෙනවා එවන් ලොවට මල් පාවඩ නුඹත් ...

මල්පිපෙන වසන්තය....

ඉඩක් නැතිලූ හදවතේ ඉඩක් ඇත මගේ හදවතේ ඉඩක් අසලා හදවතේ ඇයිද නොදොඩා හිඳින්නේ වරදිනා හැම ජීවිතේ මතක පාඩම් ගෙනෙන්නේ විඳවනා මේ ජීවිතේ හීන නම් නෑ මියෙන්නේ වැටුන කඳුලුත් ජීවිතේ දුකම මට තව ගෙනාවේ වැටෙන කඳුලුත් ජීවිතේ ඔබට නම් නෑ පෙන්නේ හිතට හැඟුමක් දැනෙන්නේ තවත් බැහැ හිත කියන්නේ පැවසුමුත් ඔබ හිඳින්නේ නොහැඟුනා සේ ඇයි මෙසේ නොදැන පෙම් කල බව හැබැයි නුමුදු දැන් ඔබ එය දනියි මතක් කරනට හිත කියයි මල්පිපෙන බව වසන්තේ....

පාවෙනා ජීවිතය

නුඹට නොපෙනන හිත ඇතුලේ පණ අදින මගේ හීන කෙසේ නම් පවසම්ද සවන් දෙන්නට වත් නුඹට උවමනාවක් නැතිකොට තනියෙන් විදවන්න උරුම මට ඇස් මායිමේ හිටියත් නුඹ දැනේවි දවසක මා නුඹට පෙම් කල බව මල දාක නුදුරේ ඉවසීම ගිය දාක ලැබීම නොලැබීමද දෛවයද සියල්ලම එරෙහිවම මා වෙතට ඒවි තව විඳවන්න මගේ මුලු ජීවිතය නොවැටෙනා කඳුලු හිත ඇතුලෙන්ම මිය ඇදෙන වේදනාව වැඩිය තව පිටට දෙන කඳුලු වල මලෙක් වී නූපන්නේ නම් නුඹ මගේ අදවනවිට දුකයි තව නුඹේ ඔය ඇස් දිහා බලා ඉන්න......

පව් සහ කඳුලු

හීන අද්දර කඳුලු එක්කලා නුඹ එනතුරා මං බලා උන්නා අදත් එලෙසම හිතත් එක්කලා තාම ඉන්නේ නුඹම වෙනුවෙන් පාලු මකනා සිහිල් සුළඟට සුවඳ නුඹගේ කවුද  දුන්නේ හිතුවක්කාර හිත ඔහේ එහේ මෙහේ පාව යන්නේ පරණ මතකය රිදෙන හිත ලඟ තවත් මං ළඟ දඟ කරන්නේ කුමට දුක් ගිනි තවත් උහුලන් මගේ හිත වේදනා විදින්නේ ගෙවන පවුවල උරුම මේ කඳුලැලි වලින් ඒ පවු ගෙවී යන්නේ යලිත් කිසිදා ගෙවන්නට තව පවු එපා මගේ හිත හඬන්නේ....