නිහඬ හද.....

වැහි බිංඳු අතරේ
දියවෙනා කඳුලු බිංඳු,
කාටවත් නොපෙනෙනා
උණුහුමට ගලායන...
සුසුම් හඬ මැකීයන
ඝර්ජනා මැදින් හද
පායනා ඉරක් ගැන
සිහින දැක මංමුලාවී....
වරුසාවට ආත්මයම දියවී
යන්නට ලඟ බැව් නොදැනම,
තවත් කලු අහස දෙස
බලා නිහඬව ඉකි බිඳින,
අසරණ නුඹ දකින හද
සසලවුණි හැමවිටම......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව