යාචකයා

පාලු මාවතේ
කිහිලිකරුවෙන්...
සෙමින් පියවර
එකට තබමින්...
වේදනාබර මතකයන්
හිතේ ගුලිකර
සඟවමින්...
පුරුදු නිවහන
සෙවන සොයාලා...
විඩාබර නෙත් විමසමින්
හුරුපුරුදු වත සොයා විමසයි
මගේ හද දැන් චකිතයෙන්...
නැත කිසිවෙක් පෙනෙන්නට
ඇයත් යන්නට ගොසින්ය
වාහල්කඩ ඉදිරියේ
නතරවී සිටින්නෙමි
මම තනිවම.....

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව