Posts

පිහාටුවක්

සුලඟේ පාවෙන පිහාටුවක් මඟක් නොදැන ඔහේ පාවෙන පිහාටුවක්, මහපාරේ සැතපී තැලී පොඩිවී විනාසවෙන පිහාටුවක්.....

එන්න යලි

ඉකි බිඳින හීන ළඟ තනි රකින නුඹේ සිත වාරු නැත තනිකමට නුඹ ළඟින් උන්නද දුරක ගොස් නුඹේ සිත ආයෙමත් නො එන්නට සිත නැතුව ගත කුමට, මගේ හීන අරන් ගිය තවම නුඹ පමා නෑ සිත සොයන් යලි එන්න මග බලන් උන්නු මට තව කලක් කමක් නැත එන්න යලි හිඳින්නම් එදා මෙන් හැමදාම.....

හිඳින්නම් මා.....

වැරදිකරු මමද අද, තනි සිතට පෙම්බැන්ද නොපතනා මගේ ලොව අතැර යන්නට හදන... ටික දුරක් ආ මගේ යන්නටම සිහින දැක ආපසු හැරෙන්නට නැත ඉඩක් විඳවන්න, කාත් කවුරුවත් නැති පාලු හිත තනිවෙන්න අකමැතිය හැම විටම නුඹව සිහිවෙනා විට යන්නටම හදන නුඹ ඉඳීනම් මා එක්ක හිඳින්නම් ඔබ එක්ක හුස්ම අවසන්වෙන තුරුම......

මං මුලා වූ සිහිනය අහවරයි

තනිව දුටු ඒ සොඳුරු සිහිනය මුලාවක්මැයි දැනන් උන්නද, වෙලී පැටලී මංමුලාවේම ඉදින් තාමත් මම හිඳින්නේ ඔබේ සුරතල් වදන් වල හිඳි මගේ ලෝකය අතරමං කල සොඳුරු ආදර හැඟුම් අද නෑ නියං කල මෙන් මහා පොලවට, තනිව ආ මඟ දුරක් යන්නට ආ නුමුදු ඔබ මගේ සෙවනට, මංම පමණයි තවම ඒ මඟ ඔබ ඔබේ මඟ, හමු නොවෙන අප මං දෙකක යන තනිව යන මඟ යන්න යමි මම කුමක් කරමිද මගේ උරුමෙට......

හිත වටේ කැරකෙන තත්පර කටුව.....

හිත වටේ කැරකෙන තත්පර කටුව ටික් ටික්..... නතරවී හද ගැස්ම දෙගිඩියාවෙන් පිරී ඉහවහා යන තරමට නොඉවසිල්ල වදදෙමින් තවත් නම් බෑ මෙහෙම මග බලා ඉන්න මට, නුඹ කොහිද ඇයි ඔහොම දුර ඉදන් තවම ඔබ කල්පනාව... ලඟට ඇවිදින් ඉන්න මගේ හිත සනසවන්න......

උරුමය නොහොත් කරුමය..

මට මාවම නැති කරපු මගේ ආදරය මාත් එක්කම මැරිල යද්දෙන්....

ඔයාටයි මම කියන්නේ......

දුර ඉන්න හන්තාන නුඹ ගැනම හිතාගෙන අතීතයේ දවසක මග බලා උන්නා මතකයක් පමනක්ම ඉතිරි කර හන්තාන ලඟට නෑවිදින් ඉන්න කියා මට කිව්වා කොහෙ යම්ද කොහෙ ඉම්ද අතරමං වී හදම මංමුලා වී තවම හන්තාන සොයනවා හන්තාන දුරින් හිඳ මා දිහා බලාගෙන නොදැක්කා සේ ඉඳන් ජීවිතය විඳිනවා......