මං මුලා වූ සිහිනය අහවරයි

තනිව දුටු ඒ සොඳුරු සිහිනය
මුලාවක්මැයි දැනන් උන්නද,
වෙලී පැටලී මංමුලාවේම
ඉදින් තාමත් මම හිඳින්නේ
ඔබේ සුරතල් වදන් වල හිඳි
මගේ ලෝකය අතරමං කල
සොඳුරු ආදර හැඟුම් අද නෑ
නියං කල මෙන්
මහා පොලවට,
තනිව ආ මඟ
දුරක් යන්නට ආ නුමුදු ඔබ මගේ
සෙවනට,
මංම පමණයි තවම ඒ මඟ
ඔබ ඔබේ මඟ,
හමු නොවෙන අප මං දෙකක යන
තනිව යන මඟ යන්න යමි මම
කුමක් කරමිද මගේ උරුමෙට......

Comments

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව