ඔයාටයි මම කියන්නේ......

දුර ඉන්න හන්තාන
නුඹ ගැනම හිතාගෙන
අතීතයේ දවසක
මග බලා උන්නා

මතකයක් පමනක්ම
ඉතිරි කර හන්තාන
ලඟට නෑවිදින් ඉන්න
කියා මට කිව්වා

කොහෙ යම්ද කොහෙ ඉම්ද
අතරමං වී හදම
මංමුලා වී තවම
හන්තාන සොයනවා

හන්තාන දුරින් හිඳ
මා දිහා බලාගෙන
නොදැක්කා සේ ඉඳන්
ජීවිතය විඳිනවා......

Comments

Post a Comment

Popular posts from this blog

ඔයාට නිවන් සුව මල්ලියෝ.....!!!!!!

තාම අපි අපේමයි...

අභිසාරිකාව