Posts

නුඹ වෙනුවෙන්....

රිදෙන රිදෙන විට තැලෙන මගේ හිත යකඩ නොවෙයි නුඹ හිතන් උන්නටම කැපෙන කැපෙන විට කඩුවක මුවහත ගෙවෙන ගෙවෙන බව නොදනිද දවසක කෝප උනු විටෙක ගිනිගෙන හදවත වතුර සිතා මම හැම විට උඹ ලඟ පිදුරු නොවෙයි නිවුවේ උඹේ හදවත ආදරයයි මගේ හද උතුරා යන ... පෙනුන ලෙසම මගේ වරදක් ඇති නම් හිතුවොත් නරකද හරිද කියලා නුඹ පුදන සෙනෙහේ නුබ වෙනුවෙන් පමණක කුරුරු කමද හිමි සතුටක් වෙනුවට උපන්න අපි හෙට යායුතුමයි යලි කුමට වෙහෙසකර පඹ ගාලක නුඹ සොයන සැනසිල්ල ඇත්තේ නුඹ ලඟ නුඹට නොපෙනෙන්න ඇස් බැඳ නුඹමම කුමක් කරන්නද මම තව ලඟ හිඳ නුඹේ ඇස් නුඹම විවර කරන් යලි බලන්න හොඳ හැටි මම නුඹ ළඟ ඇති....

නන්දලෝචන...

නන්දලෝචන උගේ සම්පූර්න නම නන්ද ලෝචන , හැබැයි කවුරුවත් ඌට නන්ද කියලවත් ලෝචන කියලවත් කතා කලේ නෑ .... දන්න කාලේ ඉඳලා හැමෝම කතා කලේ නන්දලෝචන කියලා ..... මම එක වසරෙ ඉඳන් 8 වසර වෙනකල් ගියපු ඉස්කෝලේ ඌ උන්නේ .... කෙට්ටුම කෙට්ටු , කලුම කලු , ඇස් දෙක ටිකක් ලොකු චූටිම චූටි කොල්ලෙක් .... හැබැයි රන්ඩු කෙක්කක්.... කුණුහරප මල්ලක් ....කොහේ ගියත් වලියක් , හැබැයි හැමෝගෙන්ම ගුටි කන එක කලේ ... මට ඌව පෙන්නම බෑ, කාත් එක්කවත් වලි දාගන්නේ නැති මමත් ඌ එක්ක වලි ...නන්දලෝචන ඉස්කෝලේ වැඩ වලට හරිම දුර්වල ලමයෙක් , මට මතක විදියට ඒ ලමයට ඉස්කෝලේ 6 වසර වෙද්දිවත් හරියට ලියන්න කියවන්න බෑ ....මට ඌව හොඳටම මතක 6 වසරේ පන්තියෙදි ... 1 වසරේ ඉඳන් 5 වසර වෙනකල් අපි එකම ලමයි සෙට් එක හිටියේ .... 6 වසරේදි තමයි ආයේ පංති බෙදුවේ ....නන්දලෝචනවත් වැටුනේ අපේ පංතියට ....පන්තියේ හිටපු පිරිමි ලමයින්ගෙන් හොඳටම වැඩ කලේ මමයි මගේ හොඳම යාලුවයි .... කොහොම හරි පන්ති භාර මිස් අපි දෙන්න මැද්දට නන්දලෝචනව දැම්මේ ඌට ඉගෙන ගන්න උදවු කරන්න කියලා .....ඒත් හිතේ තිබුන අකමැත්ත නිසා ඌව අපි කොන් කලා සෑහෙන්න .... ඌත් නිකම් උන්නේ නෑ , අපිට නම් පටබැන්දා අපහාස කලා ......

හරිද තවම මම

දෙතොල නොකී දේ දැනෙනා හදවත මොහොතක නැවතී ලතවෙනවා හිතත් එක්ක මම මගේම සටනක පැරදුම එක්කලා වද වෙනවා ... දැනෙන හැඟෙන හිත් දෙලොවක් අතරට රහසේ මා කැඳවන් යනවා කොයින් කොහොම  හරි එලියට එන්නට පාර හොයන් මං ඇවිදිනවා... නුහුරු නැතිව ඇති මගේම හිත ලඟ දුවන පනින මගේ හැඟුමන් නුඹ ගැන හිතන්නට වරක් ආයෙත් මං ගැන මටම හිතෙනවා හරිද තවම මම ....

- වැස්ස -

පොඩි කාලේ ඉඳන් වැස්ස කියන්නේ මගේ ජීවිතේ ආසම දෙයක් , ඉස්සර මම වැඩියෙන්ම ආස රෑට වහිනවට .... උලු අතරින් එන හිරිකඩ මූනෙ විතරක් වදින්න ඉඩ දීලා මුලු ඇන්ගම වැහෙන්න රෙද්දක් පෙරවන් ඇඳට වෙලා ඉන්න තරම් තවත් සැපක් තිබ්බේ නෑ ඒ කාලේ ..... මාරම සීතලයි මුලු ගේ ඇතුලම ..... ඒ උනාට කොච්චර ආස කලත් එහෙම ඇඳට වෙලා ඉන්න බෑ , ගෙයි තෙමන තැන් වලට භාජන තියන්න ඕනි .... නැත්නම් මුලු ගේම විනාසයි .... ගෙදර තිබුන සේරම  භාජන තියලා අන්තිමට හැලි වළනුත් තිබ්බ දවස් තිබ්බා .... ඒ තරමට ගෙදර තෙමනවා ඒ දවස් වල..... අම්ම තනියෙන් කරන යුද්දේ  බලන් ඉන්න බැරි නිසාම කොච්ච උනත් ඒ හැම දවසකම මම ඇඳෙන් බැහැලා ගියා වැස්ස වෙලාවට .....තාත්තා හදපු දිග හෙල්ලක් තිබුනා අපේ ගෙදර , ඒක හරි කොස්ස හරි අරන් වතුර බේරෙන උලු කැටේ පොඩ්ඩක් ඉස්සුවම ගොඩක් වෙලාවට එතනින් වතුර එන එක නැවතුනා .... ඒත් ගොඩක් තැන් වලින් වතුර ආවා එහෙම කලාට පස්සෙත් ..... ඒ මදිවට වහල පුරාම උණ කොළ ..... අල්ලපු වත්තේ තිබුනා දාර උණ පඳුරේ කොල්ල සේරම නැවතුනේ අපේ වහලේ උඩ .... සාලේ වහලට ඉටිකොල ගැහුවට පස්සේ ප්‍රශ්නේ තවත් වැඩි උනා .... එතකොට කලින් තරම තැන් ගානකින් වතුර නොවැටුනත් එක ස...

වසන්තය....

හිත පුරා පිරි වසන්තය රැඳි සුවඳ මල් පිපි මල් වනේ නිති බඹරු එති මල් සුවඳ බොති ඉගිලිලා යති එක රැලේ මල් පිපී ඇති සුලඟේ ලෙල දෙන මල් උයන් නෙක ඇති අගේ කැලෑ මල් වග අමතකද තව කවුරු නෙලුවද මල් වනේ සුවඳ පිරුනත් මලේ නුඹ පරවෙනවමයි නුඹ හෙට දිනේ රකින දෑතක් වෙතක රැඳියන් අතින් අත නොයමින් හදේ බඹරු එති යති ඉන් එකදු එකි නෙලන්නේ නෑ මල් වනේ රොන් රැගෙන යති මල තලාගෙන අගේ නෑ උන් යති ඔහේ අගේ ඇති උඹ දෝතේ ඇති විට සෙමින් නුඹ සිඹ රිසි ලෙසේ පැන් ඉහා බුදු පුදට ගෙන යමි වරෙන් යන්නට විගසිනේ ....

නුඹ එනකල්

බයක් ඇවිදින් හිත පුරා මගෙ දෙගියාවක් රජයමින් හිතක් නෑ තව කිසිත් කරනට විසිරිලා  හිස් හැඟුමකින් නුඹත් නෑ ළඟ කිසිත් කියනට වෙන එකෙක් හා තනිකමින් බයයි මට නම් කොහොම කිව්වත් මගේ හිත නුඹ ගැන තදින් අල්ලගන්නට බලෙන් බැරි බව දනිමි මම එය සත්තකින් ඒත් හිත මගේ නොසන්සුන් වී දවනවා සිත ගත තදින් ආදරේ බව හැබෑවක් මුත් දෙදෙන අපි මිනිසුන් ලෙසින් වැරදි වෙන්නට ඉඩක් ඇති බව දන්නවා අපේ හිත් තදින් රිදෙන තැන් එයි එයයි ඇත්තට හැබෑ හැඟුමක් හිත යටින් ඒත් නුඹ ගැන හිතේ ආලය එලෙස පවතියි තිබු ලෙසින් නුඹ මගේ බව මං නුඹේ බව පුන පුනා කීවත් ඉතින් අපි අපේමයි කොහොම වූවත් එය හිතේ ලියලා තියන් හවස් වී නුඹ යලි එනා තෙක් නොඉවසිල්ලෙන් හිත දුවන් බලන් ඉන්නම් මඟට වී මං හනික මං සොයලා වරෙන්

සීයා

වැහැරිලා දුබල වුනු කෙසඟ කය පණ නැතිව පාවෙලා වැනෙනවා අත් වාරුවක් නැතිව රැලි වැටී දියව ගිය ඇටකටුත් පෙනෙන්නට තවම එහෙ මෙහේ දුවයි සීයා පුලුවන් ලෙසට ඒ කාලේ තිවු අඩවු මටත් තාමත් මතක ඒත් දැන් වයසයි නේ කොහොම නම් කල් ගෙවුව අවසාන කාලයට හෙමින් තව ළං වෙන්න අපි හැමට උරුම උනු ඒ කටුක සත්‍යයට අපිත් දවසක ඉතින් ළංවෙනවා නොදැනීම ඉවරයක් කොහි ඇත්ද දිවිල්ලක් නිම නොවෙන නිවන්නට මඟ සොයන් යන්නටම හිත නැද්ද ....