Posts

එන්න ආපසු....

ආදරෙයි නම් හිතට තාමත් ඇයිද ඔය හැටි මග බලන් දුරින් ඉඳගෙන රවා බැලුවත් හිතේ ආදරේ තද කරන් නිවෙන්නට හිත තරහා මං ගැන දුන්නු ගින්දර මතකයන් නුඹට වාගෙම මටත් රිදෙනවා හුස්ම ටික මගේ හිර කරන් කාලේ ආපසු හරවන්න බෑ අපිට අපි ඕනෑ උනත් ඒත් තාමත් ඉඩක් තියෙනවා හිත් වලට නුඹ කැමති නම් බලන් ඉන්නම් කමක් නෑ තව නුඹව මට ඕනෑ ඉතින් හිතින් අහපන් එන්න තාමත් හිතට ඇහැකිද පෙර ලෙසින් ඒවි දවසක් එකට හමුවන උනුන් නන්නාඳුන ලෙසින් හැකිද එදිනට හිනා වෙන්නට කඳුලු පුරවන් ඇස් වලින්....

රාගයද පෙමද ?

දෙපැත්තට වී වැනෙන මගේ හිත මඩේ ඉන්දූ ඉන්න මෙන් කොහෙට වැටෙමිද හිතා ගනු බෑ අතරමං වී සෙනෙහසින්.... හිතින් නුඹ ගැන වැලපෙනා විට තවත් සිතුවිලි වෙනතකින් රාගයෙන් වෙලිලා තවෙකු වෙත ඉගිල ගොස් නුඹ නැති හෙයින්.... රාගයද පෙම තෝරගන්නට ඉඩක් නෑ  හිත කලබලෙන් ඒත් ඉඳ හිට වැලපෙනවා හිත රාගයට තව ලොල් වෙමින්... මා පැතූ දෙය නුඹ ලඟත් නෑ වෙන එකෙක් ලඟ ඇතිද දන්නෑ නැති දෙයක් සොයලා වෙහෙස වී අන්තිමට මට නුඹත් ලඟ නෑ ....

රුවල් බිඳිලා...

රුවල් බිඳිලා පාවෙලා යන මගත් වැරදී කුණාටුව මැද සයුර මැද මංමුලා වුන මම දුටුව සුන්දර පහන්ටැඹ නුඹ දුරක් තිබුනත් වෙරල වෙත තව ගල්පරද රුදු රලද මැද මම සොයා කෙම්බිම ජීවිතයේ ලද රැගෙන යන්නෙමි නෞකාව ගෙන අඳුරු අහසක සුළන් සැර වැඩි එකම එලියත් නුඹේ ලඟ ඇති මඟ සොයා ගොඩ බිමට හිත රැඳි ආවා මම නුඹ සොයා හිමිඇති...

හිත් පැටලුම

එයිද නේවිද  දන්නේ නෑ මම තවම හිත නුඹ ලඟ නිසා දුරද කොහේ නුඹ මක් කරනවද තව කිසිත් මට නොපවසන නිසා දුන්නු පෙම මම නොකිලිටි ලෙස නුඹේ උරුමය ලෙස සිතා කෙසේ නම් නුඹ  පිටුපාන්නට හදට දුන් හැඟුමන් නිසා සියුම් ඉඳිකටු තුඩක් අනිනවා මතක නුඹ ගැන සිහි වෙලා නුඹේ සතුටට හෙව්ව සිහිනය බොඳ වෙලා බව දැනෙනවා හරිද නුඹ අද පෙමට එරෙහිව අවි අමෝරා මත් වෙලා උඩඟු හැඟුමට යට වෙලා අද අතීතය අතහැර දමා ආව ගමනට දුන්නු ශක්තිය හැකිලෙසට උඹ හැම ලෙසින් තනි මගේ නොව අපේ වුනු අපි කතාවක් ගෙතුවේ ඉතින් අමතකද ඒ අතීතය අපි අත් පටලගෙන ආ ලෙසින් කෙලෙස හතුරන් වගේ අද අපි හිත් පටලගෙන තරහකින් යන්න යනවද තව ඉන්නවද එදා හිතුවෙත් නුඹ තමයි අදත් වෙනසක් නෑ තවත් මගේ තීරනය නුඹගේ තමයි කොහොම කිව්වත් මගේ හිත හැමදාම නුඹ ලඟ වද වෙවි පෙරදා වගෙයි ආයෙ දවසක හමු උනොත් අපි හිනාවෙමු මිතුරන් ලෙසින් ....

වැරදි හෙවන...

වැරදිලා සිත නැවතිලා මග ලැබුන හෙවනට රැවටිලා නිවූවා ගිම් හැකි ලෙසට මං ලැබුන හෙවනින් සැනසිලා කලක් ගතවී දැනෙන හැඟුමන් වැරදිලා බව කල් බලා මක් කරන්නද ඉන්න යන්නද හිතනවා හිත හිතනවා නුඹේ සෙවනට ලොල් වෙලා මං රැවටුවා හිත රැවටුවා දැනෙන හැඟුමන් මගේ නොවෙන මෙහි දවනවා හිත තැවෙනවා වැරදි අඩු ඇති අපි මනුසතුන් වෙමු සර්වසම කිසිවෙක් නොවේ ඒත් සැමහට සුදුසු තැන් ඇත හැම හෙවන හෙවනක් නොදේ නුඹ මගේ මුත් මා නුඹේ නොව හිතේ හැඟුමන් සැලෙන්නේ සෙවෙන මෙය නොව මං බලා උන් ඉරට හිත මගේ පිලිස්සේ හරි තැනක් නම් මෙහෙම වේවිද රිදෙන හිත මගේ කියන්නේ හිත නෙවෙද හරි වැරදි මම නෙව මටත් දැන් එය දැනෙන්නේ නුඹේ වරදක් නැතෙයි හිතවත වරද ඇත්තේ හදවතේ නොගැලපෙන හිත් දෙකක් එකතුව යනගමන් නෑ කිසිලෙසේ රිදෙනමුත් හිත් තවත් කුමටද ඉවසලා අපි තැවෙන්නේ මඟ දෙකක උන් අපි එකට යන ගමන් තව නෑ යැවෙන්නේ අලුත් හෙවනක් ලැබෙයි නොලැබෙයි තවත් මම නෑ හිතන්නේ මේ හෙවන අත හැරලා හෙමිහිට මගේ ගමන පියමනින්නේ සමාවක් උවමනා නෑ මට නුඹද එය ගැන හිතන්නේ යන එනක මඟ හොඳින් හිටපන් අදින් මම නෑ හොයන්නේ ....

සුභ පතන්නම්....

සමාවුව මැන යන්න අවසර එපා මට ඔබගේ ලඟින් යන්න හිතුනම යන්න යනවා කුමට තව ලතැවී හදින් උඹට දුන් පෙම එපා යලි මට තියාගන් මතකය ලෙසින් අතීතයේ දවසක ඔබෙන් මා සමු ගත්ත සටහන ලෙසින් ඇවිද ආදුර මඟ ගෙවාගෙන එකෙකු ලෙස අපි හැකි ලෙසින් තනිව යමි මම මෙයින් ඉවතට හිතේ සැනසුම පසුපසින් උනා නම් අඩුපාඩුවක් මගේ අතින් නුඹහට කිසිලෙසින් සමාවුව මැන අදින පසු නෑ වැරදි වෙන්නේ මගෙ අතින් හිතේ ඉපදුනු කුලුදුලේ හැඟුමන් නොවේ මේ විඳින්නේ ආලයේ රස වගේමයි දුක් විඳිද්දී මගේ හිත යටින් අහවරයි දැන් ඒ සියල්ලම යායුතුය මම දැන් ඉතින් සුභ පතන්නම් යනෙන ගමනක සාර්තකවේවා ඉතින් ....

නුඹ වෙනුවෙන්....

රිදෙන රිදෙන විට තැලෙන මගේ හිත යකඩ නොවෙයි නුඹ හිතන් උන්නටම කැපෙන කැපෙන විට කඩුවක මුවහත ගෙවෙන ගෙවෙන බව නොදනිද දවසක කෝප උනු විටෙක ගිනිගෙන හදවත වතුර සිතා මම හැම විට උඹ ලඟ පිදුරු නොවෙයි නිවුවේ උඹේ හදවත ආදරයයි මගේ හද උතුරා යන ... පෙනුන ලෙසම මගේ වරදක් ඇති නම් හිතුවොත් නරකද හරිද කියලා නුඹ පුදන සෙනෙහේ නුබ වෙනුවෙන් පමණක කුරුරු කමද හිමි සතුටක් වෙනුවට උපන්න අපි හෙට යායුතුමයි යලි කුමට වෙහෙසකර පඹ ගාලක නුඹ සොයන සැනසිල්ල ඇත්තේ නුඹ ලඟ නුඹට නොපෙනෙන්න ඇස් බැඳ නුඹමම කුමක් කරන්නද මම තව ලඟ හිඳ නුඹේ ඇස් නුඹම විවර කරන් යලි බලන්න හොඳ හැටි මම නුඹ ළඟ ඇති....