රිදෙනවා හිත... Get link Facebook X Pinterest Email Other Apps By රූ - September 30, 2016 ගොලු වෙලා හිත තනි වෙලා අද නුඹව සිහිවී වැලපිලා නිදි වරා හිත දුර ගියා තව මගහැරුනු හීනම සොයා ගලනවා ඇස් රිදෙනවා මගේ කඳුලු හෙමිහිට වැටෙනවා දන්නවා නුඹ එන්නේ නෑමයි රිදෙනවා හිත රිදෙනවා..... Get link Facebook X Pinterest Email Other Apps Comments
තාම අපි අපේමයි... By රූ - March 17, 2020 දුර ආව අතීතෙක අහඹු එක ඇරඹුමක මතයන් තැනින් තැන විසිරිලා අපි ළඟම කොහෙන් හෝ ආව මඟ දුශ්කරයි දෙහිතටම තාම අපි අපේමයි ගතින් දුර උනත් අද ඉඳ හිටත් මොහොතකට මං ලඟට සොයා එන නුඹ නැතිව ගෙවන හැම මොහොතක්ම නුඹම ගැන, අහනවා හිත මගේ ඇයි තවම පමා නුඹ අමතනා මොහොතකදි හුස්ම බර වෙන නිහඬ නුඹට දැනෙනවා ඇති හෙලන මගේ සුසුම් හඬ... Read more
එන්න ආපසු.... By රූ - November 17, 2019 ආදරෙයි නම් හිතට තාමත් ඇයිද ඔය හැටි මග බලන් දුරින් ඉඳගෙන රවා බැලුවත් හිතේ ආදරේ තද කරන් නිවෙන්නට හිත තරහා මං ගැන දුන්නු ගින්දර මතකයන් නුඹට වාගෙම මටත් රිදෙනවා හුස්ම ටික මගේ හිර කරන් කාලේ ආපසු හරවන්න බෑ අපිට අපි ඕනෑ උනත් ඒත් තාමත් ඉඩක් තියෙනවා හිත් වලට නුඹ කැමති නම් බලන් ඉන්නම් කමක් නෑ තව නුඹව මට ඕනෑ ඉතින් හිතින් අහපන් එන්න තාමත් හිතට ඇහැකිද පෙර ලෙසින් ඒවි දවසක් එකට හමුවන උනුන් නන්නාඳුන ලෙසින් හැකිද එදිනට හිනා වෙන්නට කඳුලු පුරවන් ඇස් වලින්.... Read more
හීන ලෝකය.... By රූ - September 30, 2016 අහසේ මාලිගා බඳිමින් මගේ හිත හීන ලෝකයක අතරමං කරන අහංකාර හිත ඉවක් බවක් නොබලා දුවනා හිත මාව අත් ඇරලා පලයන් මගේ හිත දුවලා හති වැටිලා නුඹ මගේ හිත ඒත් තව දුවයි මගේ හිත කවදා කොතැනක නවතීදෝ හිත සසර කෙලවරට දුවපන් මගේ හිත කෙසුත් මුඩු කරන් ගිහිගෙයි නික්මී කසාවතක් පොරවන්නට සිත්වී සියලු සැපත් අතහැර මං පේවී බඳිමි සිත බුදු සසුන වෙත මං පැහැදී සිත එකලස් කර සමාධියකට වැදී මෙනෙහි කරමි නැසෙනා බව නුඹද මමදෝ කියලා තව කිසිත් නැතිව ඇති බව වටහාගමි නුඹෙන් උගත් ඒ පාඩම් සමගින් අරඹමි කෙලවර සොයලා දිවියෙහි හිතත් එක්ක බැඳිලා මුලු දිවියම මහා මුලාවක වැටෙනා අන්දම පසක් කරගනිමි මගේ ඇස් ඉදිර්යේ අස්තිර ලොකේ මතුයම් දවසක .... Read more
Comments
Post a Comment