රිදෙනවා හිත... Get link Facebook X Pinterest Email Other Apps By රූ - September 30, 2016 ගොලු වෙලා හිත තනි වෙලා අද නුඹව සිහිවී වැලපිලා නිදි වරා හිත දුර ගියා තව මගහැරුනු හීනම සොයා ගලනවා ඇස් රිදෙනවා මගේ කඳුලු හෙමිහිට වැටෙනවා දන්නවා නුඹ එන්නේ නෑමයි රිදෙනවා හිත රිදෙනවා..... Get link Facebook X Pinterest Email Other Apps Comments
එන්න ආපසු.... By රූ - November 17, 2019 ආදරෙයි නම් හිතට තාමත් ඇයිද ඔය හැටි මග බලන් දුරින් ඉඳගෙන රවා බැලුවත් හිතේ ආදරේ තද කරන් නිවෙන්නට හිත තරහා මං ගැන දුන්නු ගින්දර මතකයන් නුඹට වාගෙම මටත් රිදෙනවා හුස්ම ටික මගේ හිර කරන් කාලේ ආපසු හරවන්න බෑ අපිට අපි ඕනෑ උනත් ඒත් තාමත් ඉඩක් තියෙනවා හිත් වලට නුඹ කැමති නම් බලන් ඉන්නම් කමක් නෑ තව නුඹව මට ඕනෑ ඉතින් හිතින් අහපන් එන්න තාමත් හිතට ඇහැකිද පෙර ලෙසින් ඒවි දවසක් එකට හමුවන උනුන් නන්නාඳුන ලෙසින් හැකිද එදිනට හිනා වෙන්නට කඳුලු පුරවන් ඇස් වලින්.... Read more
තාම අපි අපේමයි... By රූ - March 17, 2020 දුර ආව අතීතෙක අහඹු එක ඇරඹුමක මතයන් තැනින් තැන විසිරිලා අපි ළඟම කොහෙන් හෝ ආව මඟ දුශ්කරයි දෙහිතටම තාම අපි අපේමයි ගතින් දුර උනත් අද ඉඳ හිටත් මොහොතකට මං ලඟට සොයා එන නුඹ නැතිව ගෙවන හැම මොහොතක්ම නුඹම ගැන, අහනවා හිත මගේ ඇයි තවම පමා නුඹ අමතනා මොහොතකදි හුස්ම බර වෙන නිහඬ නුඹට දැනෙනවා ඇති හෙලන මගේ සුසුම් හඬ... Read more
සුභ පතන්නම්.... By රූ - November 10, 2017 සමාවුව මැන යන්න අවසර එපා මට ඔබගේ ලඟින් යන්න හිතුනම යන්න යනවා කුමට තව ලතැවී හදින් උඹට දුන් පෙම එපා යලි මට තියාගන් මතකය ලෙසින් අතීතයේ දවසක ඔබෙන් මා සමු ගත්ත සටහන ලෙසින් ඇවිද ආදුර මඟ ගෙවාගෙන එකෙකු ලෙස අපි හැකි ලෙසින් තනිව යමි මම මෙයින් ඉවතට හිතේ සැනසුම පසුපසින් උනා නම් අඩුපාඩුවක් මගේ අතින් නුඹහට කිසිලෙසින් සමාවුව මැන අදින පසු නෑ වැරදි වෙන්නේ මගෙ අතින් හිතේ ඉපදුනු කුලුදුලේ හැඟුමන් නොවේ මේ විඳින්නේ ආලයේ රස වගේමයි දුක් විඳිද්දී මගේ හිත යටින් අහවරයි දැන් ඒ සියල්ලම යායුතුය මම දැන් ඉතින් සුභ පතන්නම් යනෙන ගමනක සාර්තකවේවා ඉතින් .... Read more
Comments
Post a Comment