දිගු කරන් දෑත මගේ...
දිගු කරන් දෑත මගේ
බලන් ඉමි මං ඉතින්
ඉඩ නුඹට තෝරගන්නට
අවැසි දේ නුඹට
වෙහෙසකර සිතිවිලිද
නුඹේ හිත සසල කල
මමද වෙහෙසක්ම බව
දනිමි මම නුඹේ සිතට
කමක් නැත මට ඉතින්
නුඹ නුඹේ මගේ යන
මටද මගේ කියා ඇති
කෙනෙක් කොහෙ හරි කොනෙක
තවම ඔහු නොආ වග නම්
මගේ සිතට කියදී
යන්න ඉඩ හරිමි නුඹේ
සැනසීම සොයාලා
මතකයක් බොඳ වෙන්න
කාලයට ඉඩ දෙන්න
සිදුවූ දෙය මේ ලෙසට
හිතට ඉඩ හරින්නට
පමා නෑ මමත් අද
පමා නෑ නුඹත් හෙට
ඉදින් අපි දකිමු
හිත දකින සුන්දර හීන......
Comments
Post a Comment