රැල්ල.....



දුව එනා දුව යනා
දෙපා මගේ දොවන්නා
කිරිපාට පෙනපිඬුත්
සරසගෙන වඩින්නා
නැගි නැගී හෙමි හෙමින්
විටෙක තව රලු වෙමින්
වෙරල ඉම සොයාඑන
මගේ දෙපා දොවාලන
කරදියට පෙම්බඳිමි
විගස ආපසු දුවන
රන්පාට වැලි කැටත්
දෙපා මගේ සරසවන
ආයේ යන්නට හැරෙන
තෙත දෙපා සොයා එන
සියුම් වැලි කැට නොයෙක
තවත් මග සරසවයි
දෙපා මට තබන්නට....

Comments

Popular posts from this blog

හිත් පැටලුම

නුඹට හිතැති නුඹ හිත නැති හිත.......

අමනුශ්‍ය ආත්ම