මං ආදරෙයි...
රුවට නොව බැඳුනේ හිත
ගතට නොව ඇදුනේ හිත
මිලට නොව දුන්නේ හිත
නුඹටමයි මගේ හිත
අහම්බෙන් ඔබ හමු උනා
නිතර අපි දොඩමලු උනා
හදට හද යා උනා
නොදැනි අපි ළං උනා
කලක් ගත වෙලා දැන්
අපි අපේමයි ඉතින්
සෙනෙහසත් ඉතිරෙමින්
කැදැල්ලම සතුටින්
නුඹට මං ආදරෙයි
හෙටත් අද වගේමයි
අතින් අල්ලන් ඉන්නමයි
ඉතින් මං නුඹේමයි....
Comments
Post a Comment