පෑව මදහස...



පෑව මදහස කෝල හිත මගේ
නුඹේ ලඟ අද නැවතුනා
කෝල නුඹ මගේ අතින් අල්ලා
හීන ගොඩකුත් ගෙනාවා

තුරුලේ හිමිකම මගේමයි අද
නුඹව තුරුලට ගෙනාවා
දෙතොල් අතරින් ලොකු කතාවක්
අපිට නොදැනිම කියූවා

නුඹේ සුවඳට පෙම් බඳින්නට
හිතම නුඹ වෙත පිදූවා
හිඳින්නම් මං නුඹම වෙනුවෙන්
මගේමයි නුඹ කියන්නා....

Comments

Popular posts from this blog

එන්න ආපසු....

තාම අපි අපේමයි...

හිත් පැටලුම